Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ඊයේ (28) රාත්‍රියේ සුළු භූ කම්පන තත්ත්වයක් ඇති වුණා. තෙල්දෙණිය, කුණ්ඩසාලය, දිගන, කුඹුක්කඳුර, අඹකොටේ, මාබේරිතැන්න, සෙනරත්වෙල, නිතුලමඩ, ප්‍රදේශවලට මෙම භූ චලන තත්ත්වය දැනී ඇති බවයි වාර්තා වන්නේ.

7,854 Views
වන සතුන් දඩයම් කිරීමට සිය පුත්‍රයා විසින් මැදවච්චිය, කෑඳෑව, අළුකෙටුවැව ප්‍රදේශයේ කුඹුරු යායක්‌ අසල වනයේ අටවා තිබූ බඳින කඳන් තුවක්‌කුවක්‌ ක්‍රියාත්මක වීමෙන් හතළිස්‌ පස්‌ හැවිරිදි පියෙකු පෙරේදා (27 දා) මියගොස්‌ ඇත.

මෙසේ මියගොස්‌ ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි කලුවාගේ විපුලසේන නමැති අයෙකි. පෙරේදා (27 දා) පෙරවරු 7.45 ට පමණ ඔහු මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වී තිබේ.

10,270 Views
සීගිරි පර්වතයේ බිතු  සිතුවම්වලට ඉහළින් තිබු ඉපැරණි බදාම තට්ටුවක් ඊයේ (28) කඩා වැටී තිබෙනවා. මේ දිනවල සීගිරිය නැරඹීම සඳහා සංචාරකයන් විශාල සංඛ්‍යාවක් පැමිණෙමින් සිටින බව ද සඳහන්.  කෙසේ වෙතත් එම අවස්ථාවෙිදී කිසිදු සංචාරකයෙකුට හානියක් සිදුව තිබුණේ නැහැ.

බිතු සිතුවම් ගුහාව භාර පුරා විද්‍යා බලදාරීන් ප්‍රකාශකර ඇත්තේ මෙම කරුණු පිළිබඳ කිසිවක් ප්‍රකාශ කල නොහැකි බවයි.

7,231 Views
දුරකථනය ඔස්සේ තර්ජනය කර පුද්ගලයින් බියගන්වා බලෙන් මුදල් ලබා ගැනීමේ සිද්ධියකට සම්බන්ධ කාන්තාවක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

30 හැවිරිදි මෙම කාන්තාව මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර, අත්අඩංගුවට ගන්නා විට ඇය සන්තකයේ තිබී රුපියල් 30,550 ක මුදලක්, ජංගම දුරකථන 6 ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

12,367 Views
අපරාධ සිද්ධීන් 32ක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි පුද්ගලයෙකු කඩුගන්නාව පොලිසිය  අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අදාළ සැකකරු පිළිමතලාවේ ඖෂධ අලෙවිසැළක් කොල්ලකමින් සිටියදීයි.

පොලිස් නිලධාරීන් සැකකරු අත්තඅඩංගුවට ගන්නා ආකාරය එහි සවිකර තිබූ ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබුණා. අදාළ සැකකරු මුදල් හා භාණ්ඩ සොරා ගැනීම සදහා පිළිමතලාව නගරයේ ඖෂධ අලෙවිසැළකට ඇතුළුවන්නේ පසුගිය 26 වැනිදා අලුයම් කාලයේදී.

16,557 Views
ඩබ්ලිව්.ජී.පොඩි අප්පුහාමි මහතා බරපතල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියේ හිටපු පොල් සංවර්ධන අමාත්‍යවරයාගේ වත්තේ මුරකරු ලෙස සේවය කිරීම හේතුවෙන්.

11,087 Views
මහදවල් දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයෙකු පැහැරගෙන ගොස් තර්ජනය කිරීම සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍රට මේ වනවිට දැඩි දෝෂාරෝපණ එල්ල වී තිබෙනවා.

මේ අතර තමන්ට අපහාස කිරීමට එරෙහිව රුපියල් මිලියන 500 ක මුදලක් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව නඩු පවරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රකාශ කළා.

36,092 Views
බෙලිඅත්ත ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක සේවය කල වයස අවුරුදු 21ක තරුණියක් පසුගිය 11දින සිට අතුරුදන්ව ඇති බවට තරුණියගේ මව විසින් බෙලිඅත්ත පොලීසිය වෙත පැමිණිලි කර ඇති බව පොලීසිය පවසයි.

රුක් අත්තනයාය, කුඩාහීල්ල, බෙලිඅත්ත යන ලිපිනයේ පදිංචිව සිටි 21 හැවිරිදි ශෂිකා නිල්මිණි නමැති තරුණියක් මෙලෙස අතුරුදන්ව ඇත.

37,409 Views
පසුගිය සති අන්තයේ දීර්ඝ නිවාඩුවක් සමඟ කතරගම වැඳ පුදාගැනීම සඳහා ගිය ජනතාවට වැඩි මිලට ආහාර ද්‍රව්‍ය අලෙවි කළ වෙළඳසැල් හිමියන් සොයා කතරගම පොලීසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
9,512 Views
පුත්තලම - වනාතවිල්ලූව - එළුවන්කුලම ප්‍රදේශයේදී 55 හැවිරිදි සිව්දරු මවක් ඊයේ උදෑසන ගිනි තබාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ සිය නිවසේ වැසිකිලිය තුළදී ඇය මෙලෙස ගිනි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි.

5,166 Views
නීති විරෝධි ලෙස ලබු ගිරවුන් තුන්දෙනකු ළඟ තබාගෙන සිටි සැකකාර ත්‍රිරෝද රථ රියෑදුරකු අත්අඩංගුවට ගත් බව කොළඹ වනජීවී වැටලීම් ඒකකය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු පොලිසියට භාරදී ඇති අතර ලබු ගිරවුන් වනජීවී නිලධාරීන් භාරයට ගෙන තිබේ.

5,653 Views
ශ්‍රී ලංකාවේ පවුල් 09 කට අයත් 45 දෙනකු අයි. එස්‌. අයි. එස්‌. සංවිධානයට එක්‌වීම සඳහා සිරියාවට ගොස්‌ ඇති බව බුද්ධි අංශ මගින් තහවුරු කරගෙන ඇති බවට පුවත්පත් වාර්තාවක දැක්වෙනවා.

මෙරට අයි. එස්‌. අයි. එස්‌. ක්‍රියාකාරකම් සිදුවන බවට තොරතුරු ලැබී ඇති බව විදේශ රටවල් දෙකක්‌ විසින් ශ්‍රී ලංකාවට දැනුම් දී තිබේ.

22,066 Views
තමන්ට අපහාස කිරීමට එරෙහිව රුපියල් මිලියන 500 ක මුදලක් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව නඩු පවරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රකාශ කළා.

6,325 Views
හපුතලේ - වැලිමඩ මාර්ගයේ ඇඩිෂන් බංගලාව නැරඹීමට ගිය පිරිසක් රැගත් ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එක් අයෙකු මියගොස් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඊයේ (27)  දහවල් රෝහල් ගතකර තිබෙනවා.

9,672 Views
ඉදිරි සතිය තුළදී යුරෝපා රටවල ප්‍රධාන නගර කිහිපයක් ඉලක්ක කරගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවිය හැකි බව බුද්ධි අංශ අනාවරණ කරගෙන තිබෙනවා.

5,451 Views
[1]      «      1227   |   1228   |   1229      »      [1397]



Recent Gossip Post




Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  5,683 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,503 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  977 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  7,760 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,333 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  10,476 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  24,886 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,323 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,533 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  8,467 Downloads



Top 10 Commenters

Latest Comments

Top