Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



එක්සත් අරාබි එමීරේට්ස් රාජ්‍යයේ ජීවත් වන අරාබි ජාතිකයෙක් ගල්ෆ් ජාතිකයන්ට අපහාස කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සාම්ප්‍රදායික අරාබි ඇදුමෙන් සැරසී කාන්තාවන්ට අධික ලෙස මුදල් වියදම් කරමින් හැසිරෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට අරාබි ජාතිකයා එක්කර ඇති අතර විශලා අන්තර්ජාල පරිශීලකයන් සංඛ්‍යාවක් විවේචනාත්මකව අදහස් ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙන බවත් සදහන්.

නීතිමය පියවර ගැනීම සඳහා රාජ්‍ය නඩු පැවරීමේ අධිකාරියට භාරදීමට කටයුතු කළ බව ඩුබායි පොලීසිය ප්‍රකාශ කර සිටිනවා.
24 Views
අද (08) උදෑසන නෙළුව, ඉහළ ලේල්වල ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා නෙළුව මුලික රෝහලට ඇතුලත් කර ඇතැයි නෙළුව පොලිසිය පවසනවා.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවක සේවය කරන සේවක සේවිකාවන් කර්මාන්තශාලාව වෙත රැගෙන යමින් තිබූ වෑන් රථයක්.
23 Views
කටාර් රාජ්‍යයේ රැකියාව සදහා පිටත්ව ගොස් එහිදී කිසිදු තොරතුරක් නොමැති මාතර ගමගේ නිමල්කා ලක්මාලි පිළිබදව තොරතුරු ලබාගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහාය පතනවා.
 
බදුරලිය, ලත්පදුර ප්‍රදේශයේ පදිංචිව සිටි නිමල්කා 2012.08.10 දින කටාර් බලා පිටත්ව ගොස් ඇති අතර, මේ වන විට ඇය පිළිබදව කිසිදු තොරතුරක් නොමැති බවයි ඔවුන් සඳහන් කරන්නේ.
29 Views
දඹුල්ල - හබරන ප්‍රධාන මාර්ගයේ දිගම්පතහ ප්‍රදේශයේ අද (08) අලුයම සුඛෝප‌භෝගී බස් රථයක් ගිනි ගෙන සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා.

මෙලෙස ගිනිගෙන විනාශ වී ඇත්තේ කුරුණෑගල සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක්.
41 Views
සිය දියණියට අමතර පන්ති යෑම සදහා රුපියල් දෙසීයක මුදලක් ලබාදීම නිසා කෝපයට පත්වී අනුරාධපුර රෝහල් පදික වේදිකාවේදී වෙළෙන්දියකට මන්නයකින් කෙටූ තවත් වෙළෙන්දියක් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
44 Views
කථාකරන භාෂාව අනුව රටේ ජනතාව අතර ඇතිව තිබෙන බෙදීමට පක්ෂ භේදයකින් තොරව රටේ සියලු දේශපාලනඥයින් වගකිව යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.  

කථාකරන භාෂාව අනුව මිනිසුන් බෙදී වෙන් නොවිය යුතු බවයි, සරළ සිංහලට පරිවර්තනය කෙරුණු ශුද්ධ වූ අල්කුරානය එළිදැක්වීම වෙනුවෙන් ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ.
42 Views
ශිෂ්‍යත්ව විභාගය අනිවාර්ය නොවන බවට අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

විෂයභාර  අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියා සිටියේ ඊට අදාළ චක්‍රලේඛයද මේ වනවිට නිකුත් කර ඇති බවයි.
20 Views
අලව්ව, වලකුඹර සංගිලි පාලම අසළ මා ඔයේ ඥාතීන් සමග දියනාමින් සිටියදී දැරියන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතියි පොලීසිය පවසයි.

එම දියණියන් ප්‍රදේශවාසීන් බේරාගෙන පොල්ගහවෙල රෝහලට ඇතුළත් කිරීමේදි ජීවිතක්ෂයට පත්ව තිබෙන බවත් සදහන්.
103 Views
ශ්‍රී ලංකාවේ උපන් මනුරි ගුණවර්ධන ලෝක ප්‍රසිද්ධ ව්‍යාපාර සඟරාවක් වන ෆොබස් සඟරාවේ (Forbes) "ආසියාවේ 30ට පහළ 30" (‘30 Under 30 Asia') ලයිස්තුවට තේරී පත්ව තිබෙනවා.

එසේම ඇය එම ලයිස්තුවේ සෞඛ්‍ය සේවා හා විද්‍යා වර්ගීකරණය යටතේ විශිෂ්ඨත්වලාභිනියක් ලෙස ද නම් කර තිබෙන අතර ඇය ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය සේවා තාක්ෂණය සම්බන්ධ ව්‍යවසායකාවක්ද වනවා.
96 Views
මෙවර අලුත් අවුරුදු සමයේ එළවළු, අමු මිරිස් සහ දෙහි මිල වාර්තාගත ලෙස පහළ බැස තිබෙනවා.

පසුගිය දිනවල රුපියල් 600 ත් 700 ත් අතර මිලකට අලෙවි වූ දෙහි සහ අමු මිරිස් කිලෝවක මිල රුපියල් 120 ත් 150 ත් අගයක් දක්වා පහළ වැටී ඇති බවයි වෙළඳුන් පෙන්වා දෙන්නේ.
35 Views
Andre Russell කියන්නේ මේ දවස්වල බොහොම ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඒකට හේතුව IPL එකේ ගහන යෝධ හයේ පහරවල්. ඒ වගේම කාටවත් හිතාගන්න බැරි වෙලාවක තරඟය දිනවලා දෙන ඔහුගේ ශක්තිය.

ඔහුගේ තියෙන ශක්තිය කොච්චරද කියනවා නම් පන්දුවට පිත්තෙන් ඔහු ගහන සාමාන්‍ය පහරක් වුණත් මීටර් 100 ඉක්මවලා තමයි යන්නේ.

ඉතින් මෙහෙම IPL එකේ වැඩදාන රසල් ගැන ඉන්දියාවේ මාධ්‍ය විවිධ පුවත් වාර්තා කරමින් තිබෙනවා. ඒ අතරින් ඔහුගේ සුරූපී බිරිඳ ගැන තමා වැඩිපුරම කතා මැවෙන්නේ.
106 Views
වයස අවුරුදු 13 මාස 7 ක ශිෂ්‍යාවක් සමග ප්‍රේම සබඳතාවක් පවත්වා ඇය දෙමාපිය භාරකාරත්වයෙන් පැහැරගෙන ගොස් දූෂණය කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා ලැබූ 24 හැවිරිදි හමුදා භටයකු රුපියල් 50,000 ක මුදල් ඇප සහ රුපියල් දස ලක්‍ෂයක ශරීර ඇපමත අත්අඩංගුවෙන් මුදාහැරීමට බස්නාහිර පළාත්බද මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා නියෝග කර තිබෙනවා.

ඇප නියම වූ විත්තිකරු වූයේ ගල්ගමුව ඉහළ කලුගස්වැව ජය මාවත පදිංචි ආර්. ඩී. සුපුන් උදේසිරි නමැත්තෙක්.
37 Views
සබරගමුව, මධ්‍යම, දකුණු, බස්නාහිර සහ ඌව පළාත්වලත් අනුරාධපුර සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් තැනින් තැන අද (08) සවස දෙකෙන් පමණ පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
 
පසුව එම වැසි තත්ත්වය නැගෙනහිර පළාතට පැතිර යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.
23 Views
පාතාල කල්ලි නායක මාකදුරේ මධූෂ් සමඟ අත්අඩංගුවට ගත් ඩුබායි සිට පිටුවහල් කළ තවත් දෙදෙනෙක් කටුනායක ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

මොවුන් දෙදෙනා අද (08) අලුයම  ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්.- 226 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.
17 Views
බෙංගාල බොක්ක ආශ්‍රිතව පිහිටා ඇති ඉන්දියාව, බංග්ලාදේශය, මියන්මාරය, තායිලන්තය, ඉන්දුනීසියාව හා ශ්‍රි ලංකාව වැනි රටවල්වලට මේ නිසා ධීවර කර්මාන්තයට හා සංචාරක කර්මාන්තයට බරපතල බලපෑම් ඇති විය හැකි බවයි.

මේ වනවිටත් බෙංගාල බොක්ක ආශ්‍රිතව කිලෝමීටර 60,000 ක පමණ ප්‍රමාණයක මෙම මල මුහුදු ප්‍රදේශය ව්‍යාප්ත වී ඇති බවටයි සාගර විද්‍යාඥයින් හදුනාගෙන ඇත්තේ.

මේ දැක්වෙන්නේ,බෙංගාල මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් නිර්මාණය වී ඇති ,මෑතදී හදුනාගන්නා ලද මල මුහුදු ප්‍රදේශයයි.
32 Views
[1]      «      1035   |   1036   |   1037      »      [2145]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top