Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



මොණරාගල, දඹගල්ල, මාරිඅරාව ප්‍රදේශයේදී පෙට්‍රල් දමාගෙන සිරුරට ගිනි තබාගෙන පුද්ගලයෙකු සියදිවි හානිකර ගැනීමේ පුවතක් වාර්තා වනවා.

ඊයේ (15) පස්වරුවේ මෙලෙස සියදිවි හානිකර ගෙන ඇත්තේ 32 හැවිරිදි විවාහක පුද්ගලයෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පවුල් ආරවුලක් හේතුවෙන් අදාල පුද්ගලයා මෙලෙස සියදිවි හානිකර ගන්නට ඇති බවයි සැක පළකරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් දඹගල්ල පොලීසිය විමර්ශන සිදුකරනවා.
28 Views
රිකුණාමලය නාවික හමුදා කඳවුර අසල දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනයකර තිබෙනවා.

අද (16) පෙරවරුවේ මෙම ඝාතනය සිදුව ඇති අතර මියගොස් ඇත්තේ 21 හැවිරිදි තරුණයෙක්.

අප වාර්තාකරු පැවසුවේ පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බවයි.

24 Views
මේ දිනවල බීමත්ව කලහකාරි ලෙස හැසිරෙන පුද්ගලයින්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්නැයි පොලිස් මූලස්ථානය සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව, අලුත් අවුරුදු සමයේ සාමය ආරක්ෂා කර ගනිමින් කටයුතු කරන ලෙසයි පොලිීසිය මහජනතාවට දැනුම් දෙන්නේ.

බීමත්ව කලහකාරි ලෙස හැසිරීම හේතුවෙන් පසුගිය දින කිහිපය තුළදී විවිධ ප්‍රදේශවලින් මනුෂ්‍ය ඝාතන රැසක් වාර්තා වුණා. 
29 Views
ඩිම්පල් කපාඩියාගේ බාල පුත් කරන් කපාඩියා බොලිවුඩ් සිනමාවට එක් වීමට සූදානමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා. ඔහු අක්ශේ කුමාර්ගේ බිරිද වන ට්වින්කල් කන්නාගේ ඥාති සහෝදරයෙක් වෙනවා. 

බේශාඩ් කම්බැට් විසින් අධ්‍යක්ෂණය කරන ‘බ්ලැන්ක්’ චිත්‍රපටය තුලින් බවයි කියන්නේ. ‘බ්ලැන්ක්’ චිත්‍රපටය ජනප්‍රිය බොලිවුඩ් නළු සනී ඩියෝල් රඟපෑ චිත්‍රපටය අනු නිර්මාණයක් බව සඳහන්.
59 Views
ගාල්ල ඇල්පිටිය ප්‍රධාන මාර්ගයේ කහටපිටිය ප්‍රදේශයේ යතුරු පැදි දෙකක් එකිනෙකට ගැටී මාරාන්තික අනතුරක් සිදුව තිබෙන බවට  වාර්තා වෙනවා. මෙම අනතුරෙන් එක් අයෙකුට බරපතල තුවාල සිදුව තිබෙන අතර අනතුරෙන් එක් අයෙක් මිය ගොස් තිබෙනවා.

මිය ගොස් ඇත්තේ 29 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහුව ඇල්පිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙන බවත් සදහන්.
25 Views
යාපනය විශ්ව විද්යාලයේ නවක සිසුවියන්ට ලිංගික බලපෑම් කරමින්  නවක වදය දුන් ජෙයෂ්ඨ සිසුන් සියලු දෙනාගේම පන්ති තහනම් කර තිබෙන බව වාර්තා වෙනවා.

නවක සිසුවියන්ට අශීලාචාර අන්දමට නවක වදය දුන් බව කියන තුන්වන වසර හා දෙවන වසර සියලුම සිසුන්ගේ පන්ති තහනම් කොට ඇත්තේ මේ සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා අවසන් වන තුරු යැයි යාපනය විශ්ව විද්යාලයේ රෙජිස්ට්රාර්වරයා සදහන් කර සිටිනවා.

උපකුලපතිවරයා විසින් ගන්නා ලද තීරණයට අනුව එම ජෙයෂ්ඨ සිසුන්ට යාපනය විශ්ව විද්යාල භූමිය තහනම්  කළාපයක් බවටද දැණුම් දී ඇති බවත් සදහන්.

68 Views
බ්‍රිතාන්‍යයේ ලන්ඩන් - ලූටන් ගුවන් තොටුපලේදී පසුගිය බදාදා අත්අඩංගුවට ගැනුණු ශ්‍රී ලාංකිකයන් 04 දෙනා පොලිස් භාරයෙන් මුදාහැර ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා.

මෙට්රොපොලිටන් පොලිසිය මඟින් ඔවුන් අත්අඩංගුවට ගැනුණේ තහනම් ත්‍රස්තවාදී සංවිධානයක සාමාජිකත්වය දැරීමේ චෝදනාව යටතේයී.

20 Views
ගලේවෙල - දේවහූව - එකේ ඇල ප්‍රදේශයේ නිවසක් තුළ තිබී තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කරන ලද අඹුසැමි යුවලකගේ මළ සිරුරු පොලිසිය සොයාගෙන තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 53 හැවිරිදි පුද්ගලයෙකු සහ 52 හැවිරිදි ඔහුගේ බිරිඳයි.

ඉඩම් ආරවුලක් මත මෙම ඝාතන සිදුකරන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

අසල්වාසීන් සිදුකළ දැනුම්දීමකට අනුව පොලිසිය එම ස්ථානයට පැමිණ ඇති අතර, ඒ වනවිටත් අඹුසැමි යුවල කැපුම් තුවාල හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව සිටි බව ගලේවෙල පොලිසිය ප්‍රකාශ කළා.

27 Views
නේපාලයේ - ලූක්ලා ගුවන්තොටුපලේදී ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 3 දෙනෙකු මියගොස් තිබෙනවා.

යානය ගොඩබස්වන අවස්ථාවේ ධාවන පථයෙන් ඉවතට පැන අසල තිබූ හෙලිකොප්ටරයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
75 Views
සිංහල අලුත් අවුරුද්ද නිමිත්තෙන් සුබ නැකතට පැළයක් සිටුවීමේ චාරිත්‍රය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද සිදු කළා.

ඒ පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින්.

අද පෙරවරු 11.17 උදා වූ සුබ නැකතින් ජනාධිපති නිල නිවසේදී පළතුරු පැළයක් සිටුවා සුබ නැකතට පැළයක් සිටුවීමේ චාරිත්‍රය ජනාධිපතිවරයා විසින් සිදු කළා.
34 Views
‍පක්ෂ නායක ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරද්දී වෙනත් කෙනෙකු නායකයා ලෙස ඉස්මතු කිරීමට හුවා දක්වන්නේ නම් තමන් ඉදිරියේදී ඊට විරුද්ධව ක්‍රියා කරන බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.

ඔහු මේ බව  සදහන් කළේ පක්ෂයේ වෙනත් නායකයෙකු අගමැති කිරීමට සූදානමක් ඇත්දැයි මඩකලපුව ප්‍රදේශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.
33 Views
බණ්ඩාරගම, ගම්මන්පිල ප්‍රදේශයේදී යුවලක් ගමන් ගත් මෝටර් රථයක් අද (15) මාර්ගයෙන් ඉවතට පැන ජල නලයකට හානි කරමින් බෝක්කුවකට ඇද වැටී තිබෙනවා.

මෙම යුවල කතරගම වන්දනාවේ ගොස් නැවත නිවස කරා ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බවයි වාර්තාවන්නේ.
29 Views
2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියට එක්වන ඉන්දීය සංචිතය අද ප්‍රකාශයට පත් කෙරුණා.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයට දිනේෂ් කාර්තික් සහ තුන් ඉරියව් ක්‍රීඩක විජේ ශංකර් එක්කර තිබෙනවා.
33 Views
ඩුබායිහි අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධුෂ්ට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන බව එහි උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළා.

ඔහුට විරුද්ධව ඉදිරිපත් වී ඇති සාක්ෂි පදනම් කර ගනිමින් මෙලෙස අධි චෝදනා ගොනු කෙරෙනු ඇති.

27 Views
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හා කුරුදුගහහැතැක්ම අතර පනස් හත්වන කණුව අසලදී මාතර බලා දිවෙන මංතීරුවේ ඊයේ රාත්‍රී 8.30 ට පමණ සිදුවූ අනතුරකින් මෝටර් රථ  09 කට බරපතළ හානි සිදුව තිබෙනවා.

කොළඹ සිට මාතර බලා ගමන්ගත් මෝටර් රථයක් හදිසියේම තිරිංග ගැසීම හේතුකොටගෙන පිටුපසින් පැමිණි මෝටර් රථ පෙළක් එකිනෙක ගැටී ඇති බවයි සඳහන් වන්නේ.
100 Views
[1]      «      1028   |   1029   |   1030      »      [2145]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top