Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

පවතින වැසි සහිත කාළගුණ  තත්ත්වය හේතුවෙන්   ආපදාවට ලක්වූ ප්‍රදේශවල පාසැල් පැවැත්වීම හෝ නොපැවැත්වීම  පිළිබඳව තීරණය කිරීමේ බලය පළාත් සහ  කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට  ලබා දීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා තීරණය කර තිබෙනවා.

ආපදා තත්ත්වය හේතුවෙන් මේවන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයක පාසැල් පැවැත්වීමේ කටයුතු සඳහා බාධා මතුව ඇති බවට වාර්තා වී ඇති අතර දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාව මත තමන් මෙම බලය පළාත් සහ  කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට  ලබා දීමට තීරණය කළ බවයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පෙන්වා දෙන්නේ.
5,630 Views
රටට අවශ්‍යව ඇත්තේ වැඩ කළ හැකි දේශපාලනඥයින් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා.  

බදුල්ල - පුරහලේ ඊයේ (20) පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර නිකුත් කළ නිවේදනයකට පිළිතුරු ද ලබාදෙමින්.
2,450 Views
එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් මියගිය දා, උතුර පළාතේ ශෝක දිනයක් ලෙස නම් කිරීම රජයට ගැටළුවක් නොවන බවට සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න සිදුකළ ප්‍රකාශයට විරෝධය පළ කරමින් අදත්, ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වුණා.

හිඟුරක්ගොඩ සහ ඇලහැර ප්‍රාදේශීය සභාවල පොදුජන පෙරමුණේ නියෝජිතයින් අද (20) හිඟුරක්ගොඩ නගරයේදී අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව විරෝධතාවල නිරත වුණේ දේව කන්නලව්වක් ද සිදු කරමින්.
5,681 Views
හොරණ-හෑගල්ලවත්තේ භාවනා මධ්‍යස්ථානයකට අකුණු සැර වැදී තිබෙනවා.

ඒ හේතුවෙන් මෙහෙණින් වහන්සේ නමක අපවත් වී ඇති බවයි පොලීසිය පවසන්නේ.
17,386 Views
පවතින අධික වැසිත් සමඟ කළු සහ ගිං ගඟේ ජල මට්ටම් ඉහළ ගොස් තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ කළු ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් පිටාර මට්ටමක පවතින බැවින් මදුරාවල, හොරණ, බුලත්සිංහල, ඉංගිරිය සහ පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජනතාව ඒ පිළිබදව අවදානයෙන් පසුවන ලෙසටයි.
6,178 Views
නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසේ පවතින අධික වැසි තත්ත්වය සහ අහස වළාකුලින් බරවූ ස්වභාවය හෙට දිනයේදීත් අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
28,139 Views
ගාලු මුවදොර මුහුදට පැන පුද්ගලයෙකු සියදිවි හානිකරගෙන තිබෙනවා.

ඊයේ (19) සවස මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ පන්නිපිටිය රුක්මලේ ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි පුද්ගලයෙක්.

10,978 Views
ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලියේ ඊයේ පැවති තරගවලින් ජයග්‍රහණ ලබාගැනීමට රාජස්ථාන් රෝයල්ස් සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම් සමත්වුණා.

රාජස්ථාන් රෝයල්ස් සහ රෝයල්ස් චැලෙන්ජර් බැංගලෝර් කණ්ඩායම් අතර ජායිපූර්හි පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් ක්‍රීඩකයින් නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 164 ක් ලබාගත් අතර, ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් ක්‍රීඩකයින්ට පන්දු වාර 19 යි පන්දු 2 ක් අවසානයේ සියලූදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 134 ක් පමණයි.
4,359 Views
පවතින දැඩි වර්ෂාපතනයත් සමග අකුණුසැර වැදීමකින් තරුණයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

ඊයේ සවස 5 ට පමණ වැලිකන්ද එෆ් 5 ඇල ප්‍රදේශයේ වෙල් යායක සිටි දෙදෙනෙකු මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
6,396 Views
සංචාරක කටයුතු අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය හා ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිල වෙබ් අඩවිය හැකරුවන්ගේ ග්‍රහණයට ලක්ව තිබෙනවා.

මෙය සිදුකර ඇත්තේ දෙමළ ඊළාම් සයිබර් බලකාය නමින් හැඳින්වෙන කණ්ඩායමක් විසින්.
3,163 Views
බිබිල - මැදගම - මැල්ලගම වෙල් යායකින් අදත් අලූයම් කාලයේ විශාල පෙණ බුබුළු මතු වී ඇති බව වාර්තා වනවා.

පෙරේදා දිනයේ ද මෙලෙස මෙහි පෙණ බුබුළු මතු වූ අතර පසුව ඒ පිළිබදව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයට දැනුම් දීමක් කර තිබුණා.
11,629 Views
යුද විජයග්‍රහණයේ ජාතික සැමරුම් උත්සවය මෙවරත් පාර්ලිමේන්තුව ඉදිරිපිට පිහිටි රණවිරු ස්මාරකය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා.

ඒ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් පරාජය කිරීමේ මානුෂීය මෙහෙයුමට දායකත්වය දුන් රණවිරුවන් ස්මරණය කිරීම වෙනුවෙන්.

සැමරුමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා, ත්‍රිවිධ හමුදාපතිවරුන් හා යුද්ධයෙන් මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුළු බෙහෝ පිරිසක් එක්ව සිටියා.
2,641 Views
හැටන් ලෙදන්ටි වතුයායේදී පෞද්ගලික බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් 9 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. 

 අප වාර්තාකරු සඳහන් කළේ ඔවුන් දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර ඇති බවයි.
3,611 Views
හැරී කුමරු සහ මේගන් මර්කල් ස්වාමි පුරුෂයා සහ භාර්යාව ලෙස කැන්ටබරිහි අගරදගුරුවරයා විසින් චාරිත්‍රානුකූලව ප්‍රකාශයට පත් ති‍බෙනවා.

ඒ අද පැවැත්වුණ ඔවුන් විවාහ මංගලෝත්සවයේදීයි.
28,892 Views
කියුබාවේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

හවානාවේ පිහිටි කියුබාවේ ප්‍රධාන ගුවන් තොටුපළ ආසන්නයේදී ඊයේ (18) එරට වේලාවෙන් පස්වරු 12.10 ට පමණ මෙම අනතුර සිදුවී තිබෙනවා.
9,990 Views
1   |   2   |   3      »      [815]



Recent Gossip Post




Ahasai Amma - Kelum Induwara
Ahasai Amma
Kelum Induwara
⤵  1,701 Downloads

Aulak Nane - Nalin Wijayasinghe
Aulak Nane
Nalin Wijayasinghe
⤵  3,523 Downloads

Ananga Bambara - Sisila Ravinath
Ananga Bambara
Sisila Ravinath
⤵  1,712 Downloads

Warada Piligannawa - Sandun Perera
Warada Piligannawa
Sandun Perera
⤵  39,621 Downloads

Sadaye - Mithila Lankage
Sadaye
Mithila Lankage
⤵  987 Downloads

Paniwidaya - Rukman Asitha
Paniwidaya
Rukman Asitha
⤵  9,421 Downloads

Mahamerak - Uditha Rangana
Mahamerak
Uditha Rangana
⤵  1,467 Downloads

Adarei Thaththa - Sandun Madushanka
Adarei Thaththa
Sandun Madushanka
⤵  1,488 Downloads

Sinahawa Miyadunu Prema Nagaraya - Sanka Manjula
Sinahawa Miyadunu Prema Nagaraya
Sanka Manjula
⤵  1,094 Downloads

Mama Obata Nam - Thanuja Dharshana
Mama Obata Nam
Thanuja Dharshana
⤵  8,397 Downloads



Top 10 Commenters

Latest Comments

Top