අනියම් ප්‍රේම සම්බන්ධය සිය බිරිඳට හසුවීම නිසා තම කාර්යාලයේම ගෙලවැලලාගත් හමුදා නිලධාරියෙකු ගැන මීගලෑව පැත්තෙන් අහන්න ලැබුණා.
නිවාඩු ලබාගෙන නිවසට පැමිණ ඇති මෙම නාවික හමුදා නිලධාරියා තවත් හමුදා නිලධාරිනියක් සමග පෙම් සබඳතාවක් ඇතිකරගෙන තිබෙනවා.
පසුව ඔවුන් දෙදෙනා කුලී කාමරයක ජීවත්වී ඇති අතර හමුදා නිලධාරියාගේ බිරිඳ ජංගම දුරකථනයට ඇමතුමක් ගෙන ලබාගත් අවස්ථාවේදී එය විසන්ධි කිරීමට අමතක වී ඔවුන් දෙදෙනා කතා කළ සියලු දේ ඇය විසින් අසාසිට තිබෙනවා.
පසුව බිරිඳ සමග ආරවුලක් ඇතිවී ඉකුත් 27 වැනිදා ඇය කඳවුරට පැමිණි අවස්ථාවේදී නිලධාරීන්ට දැක ගැනීමට හැකිවී තිබෙන්නේ මෙම නිලධාරියාට අයත් කාමරයේ ඇති විදුලි පංකාවේ ගෙල වැලලාගෙ ඔහු මියගොස් සිටි ආකාරයයි.