තමිල්නාඩු මහඇමතිනිය ලෙස ජයලලිතා ජයරාම් හයවැනි වතාවටත් එම ධුරයේ දිවුරුම්දීම පිළිබදව උතුරු පළාතේ සැමරුම් උත්සව පැවැත්විය යුතු බවට එම පළාත් සභාවට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.
එම යෝජනාව සභාවට ඉදිරිපත් කරනු ලැබුවේ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් විසින්.
කෙසේ වෙතත්, එම යෝජනාවට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ඒ.ජයතිලක විරෝධය පළ කළා.
රට ආපදා තත්ත්වයෙන් විපතට පත්ව සිටින සිදුකළ යුත්තේ ඒ පිළිබදව ශෝකය පළ කිරීම නොවේදැයි ඔහු එහිදී විමසා සිටියා.