පොඩි එකාට තාම නමක්, උප්පැන්නයක් නෑ, අපි නිත්‍යානුකූලව විවාහ වෙලා හිටියෙත් නැහැ - පොලිසියේදී සිද්ධියම පාපොච්චාරණය කරයි
පසුගිය දවසක තමන්ගේ ස්වාමි පුරුෂයාව ඝාතනය කරලා, පුංචි දරුපැටවු දෙන්නත් ගෙදර දාලා ගියපු පුදුමාකාර අම්මා කෙනෙක් ගැන හිරු ගොසිප් අපි ඔබට කීවා මතක ඇති. දවස් 5ක් තාත්තාගේ මිනිය ළඟ කෙසෙල් කකා හිටපු මේ දරුවන් දෙදෙනා පස්සේ පොලිසියේ මැදිහත්වීමෙන් හොයාගත්තා.
කොහොමහරි මේ වෙනකොට ළමයි දෙන්නාවත් අසරණ කරලා ස්වාමියාවත් මරපු සැකකාරිය අද ( 26 ) අත්අඩංගුවට ගන්න කෑගල්ල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් සමත් වෙලා තියෙනවා.
කෑගල්ල රන්දෙනිය ප්‍රදේශයේ සිය සොහොයුරෙකුගේ නිවසේ සැඟව සිටියදි තමයි මේ සැකකාරිය අත්අඩංගුවට ගන්න පුලුවන් වෙලා තියෙන්නේ.
පස්සේ ඇය මේ සිද්ධිය ගැන පොලිසියට කියලා තියෙන්නේ මේ වගේ කතාවක්..
‘‘මගේ නිත්‍යානුකූල සැමියා මිය ගියාට පස්සේ මං ප්‍රේමරත්න (කාන්තාව අතින් ඝාතනය වූ පුද්ගලයා) එක්ක සම්බන්ධයක් ඇති කරගෙන අවුරුදු 8 ක් විතර හිටියා. පොඩි එකාට තාම නමක් නැහැ උප්පැන්නයක් හදලාත් නැහැ, අපි නිත්‍යානුකූලව විවාහ වෙලා හිටියෙත් නැහැ.
බීගෙන ඇවිත් මට ප්‍රේමරත්න නිතරම කරදර කරනවා. බිව්වාම යකෙක් වාගේ, එයා ගැහුවාම මම කරන්නේ දරුවන් දාලා ගෙදරින් පිටමන් වෙනවා. මේ විදිහට පසුගිය 20 වැනිදාත් රෑ ලොකු රණ්ඩුවක් ගියා මට පහර දිලා නිදා ගන්න ගියා. මම කුස්සියේ තිබුණු මොල් ගහ ගෙනැල්ලා දෑත බෙදලා නිදා ගෙන හිටපු ප්‍රේමරත්නට ගැසුවා. මම හිතුවේ නැහැ මැරිලා කියලා, පස්සේ මම පාන්දරම ගෙදරින් ගියා‘‘
ඇය ඒ විදියට කියනකොට මේ වෙද්දි අසරණ වුණු දරුවන් දෙන්නා ඉන්නේ මියගියපු ප්‍රේමරත්නගේ නංගිගේ ගෙදර. ඔවුන් දෙන්නවා බලාගන්න තරම් ඒ සහෝදරියටත් වත්කමක් නෑ, මොකද ඔවුන්ටත් දරුවන් 4දෙනෙක් ඉන්නවා, ඒ හින්දා මේ දරුවෝ දෙන්නා පරිවාසභාරයට දෙන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.VIDEO