ආපදා හේතුවෙන් පීඩාවට පත්ව සේවයට වාර්තා කිරීමට නොහැකිවූ රජයේ සේවකයන්ට අදාළ දින සඳහා නිවාඩු ලබාදීමට තීරණය කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන සහ කළමනාකරන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදියි.
එසේම ආපදාවට ලක්වූ ප්‍රදේශවල රජයේ සේවකයන්ට මාස 3 ක වැටුප් ණය මුදලක් ලෙස ගෙවී යන පරිදි එකවර ලබාදීමටද රජය තීරණය කර ඇතැයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.