ආරක්ෂිත හිස් වැසුමක් ඉල්ලා ගිය කාන්තාවකට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කළ බව කියන පුද්ගලයෙක් පුත්තලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ප්‍රහාරයට ලක්වී ඇත්තේ පුත්තලම - පාලාවියේ පදිංචි රූපිකා නමැති අවුරුදු 34 ක් වූ දෙදරු මවක්. ඇය පිළිස්සුම් තුවාල සහිතව පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පසුගිය 25 වැනිදා සවස 2.30 ට පමණ පාලාවිය ප්‍රදේශයේදී මෙම ඇසිඩ් ප්‍රහාරය ඇයට එල්ලවී තිබෙනවා.
ආරක්ෂිත හිස් වැසුමක් ඉල්ලා ගැනීම සදහා ගරාජයකට ගිය අවස්ථාවේදී එහි සිටි අයෙකු තමන් සමග ඇතිවූ බහින් බස් වීමකින් අනතුරුව ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ බව රූපිකා පොලීසිය හමුවේ පවසලා.
මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා සහ තමන් අතර ඇති පෙර අමනාපයක් තිබූ බවද ඇය පොලීසිය හමුවේ පවසා තිබෙනවා.
නමුත් සැකකරු පොලීසිය හමුවේ පවසා ඇත්තේ තමන් සහ ඇසිඩ් ප්‍රහාරයට ලක්වූ කාන්තාව අතර අනියම් ප්‍රේම සම්බන්ධයක් තිබූ බවත්,මෑතක සිට ඇය තමන්ව මග හරින බැවින් ඇතිවූ තරහට මෙම සිද්ධිය සිදු කළ බවත්ය.