පසුගිය දින කිහිපය තුළ දිවා රෑ නොබලා අරණායක නායයැමෙන් අතුරුදන් වූවන් සොයා මෙහෙයුම්වල නිරත හමුදා සෙබළුන් හා ආරක්‌ෂක අංශ නිලධාරීන් රැසක් හදිසියේ අසනීප වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයේ අධ්‍යක්‌ෂ ජනරාල් මේජර් ජෙනරාල් .එල්. එම්. ආර්. මාර්ක් මහතා පවසා ඇති බවට පුවත්පත් වාර්තාවල දැක්වෙනවා.
එහි ඇති පාරිසරික සාධක හා මෘතදේහයන් තුළින් වහනය වන විෂබීජ මෙම තත්ත්වයට හේතුවී ඇතැයි හෙතෙම කියා සිටින බවත් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.