පසුගියදා ඇතිවුණු නනායයෑමේ අවදානම නිසාවෙන් තමන්ගේ ත්‍රිරෝද රථය ගෙදර දමා ජීවිත බේරා ගන්නට ඥාති නිවෙසකට ගිය අරණායක දෙබත්ගම පල්ලෙබාගේ ප්‍රදේශයේ පවුලක් නිවසට එන විට ත්‍රිරෝද රථයේ රෝද තුනම යම් පිරිසක් විස්න ගලවාගෙන ගොස් තිබෙනවා.
දෙබත්ගම පල්ලෙබාගේ පදිංචි සුරංග පුෂ්පකුමාර මහතාට අයත් ත්‍රිරෝද රථයේ රෝද තුන මෙසේ ගලවා ගෙන ගොස් ඇති අතර තමන්ගේ හා පවුලේ අයගේ ජීවිත බේරා ගන්නට ගිය පුෂ්ප කුමාරට ඉකුත් 21 වැනිදා මුහුණ දෙන්නට වූ සිදුවීම මෙසේ විස්තර කර තිබේ..
‘‘මේ පළාතෙ තමයි නාය ගිහින් හුඟ දෙනකුගේ ජීවිත නැති වුණේ ඉතින් අපිටත් කීවා අපේ ගෙදරින් අයින් වෙන්න කියලා. ඊට පස්සෙ අපි ඔක්කොමල අපේ නෑදෑ ගෙදරකට ගියා. දැන් එහේ තමයි ඉන්නෙ. ඥාති නිවෙසේ සිට මම පුරුද්දක් වශයෙන් අපි හිටපු ගෙදරට හැමදාම උදේට ඇවිල්ල බලල යනවා. මොකද ගෙදර තිබුණ බඩු මුට්ටු වගේම මගේ ත්‍රීවීල් එක තිබෙන නිසා. මම උදේ ගෙදර ඇවිත් බලනකොට ත්‍රීවීල් එකේ රෝද තුනම ගලවගෙන ගිහින්. රටේ බොහොමයක් ජනතාව අපි වගේ අවතැන් වූවන්ට හොඳට සලකන විට දෙතුන් දෙනකු මේ වගේ පහත් වැඩ කරනවා. මේ අයට තදින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස මම ඉල්ලා සිටිනවා.‘‘