පිරිත් පිංකමකට සහභාගි වූ කාන්තාවක් විසින් පිංකම පැවැත්වූ නිවසේ තිබූ වටිනා ජංගම දුරකතනයක් සහ මුදල් සොරාගෙන යෑමේ සිද්ධියක් ගල්ගමුව පැත්තෙන් වාර්තා වනවා.
ගල්ගමුව කට්ටකඩුව ප්‍රදේශයේ නිවසක ගැබිණි මාතාවක් වෙනුවෙන් පැවති පිරිත් පිංකමකට සහභාගී වූ ඔවුන්ගේම ඥාතිවරියක් විසින් මෙම සොරකම කර තිබෙනවා.
දුරකථනයේ වටිනාකම රුපියල් 10000 ක් පමණ වන අතර සොරකම් කළ මුදලේ වටිනාකම රුපියල් 28000 ක් බවයි පොලිසිය පවසන්නේ.
කෙසේ වෙතත් අදාල සැකකාරිය අවිවාහක කාන්තාවක් වන අතර ඇය ගල්ගමුව පොලීසිය විසින් සැකපිට මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.
සොරාගත් ජංගම දුරකථනය ගල්ගමුව නගරයේ දුරකථන අලුත්වැඩියා කිරීමේ ස්ථානයකට ලබා දී තිබියදී ගල්ගමුව පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකාරිය ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි පොලිසිය පැවසුවේ.