අසිරිමත් සම්බුදු තෙමඟුල සැමරෙන පින්බර වෙසක් පොහෝ දිනය නිමිති කරගෙන ආසියානු මාධ්‍ය ජාලයේ හිරු TV, හිරු FM සිව් වන වරටත් සංවිධාන කරන හිරු උත්තම ධාතු වන්දනා වැඩසටහන මුතියංගණ පින්බිමේ මේ වන විටත් ක්‍රියාත්මක වෙනවා. ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් උත්තම ධාතු වන්දනාවට මේ වන විටත් වැල නොකැඩි දිවයිනේ නන්දෙසින් සැදැහැවතුන්ගේ පැමිණෙමින් සිටිනවා. වස්කඩුව - ශ්‍රී සුභූති විහාරයේ තැන්පත් කර ඇති කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ සුබ මොහොතින් මුතියංගන පුදබිමට වැඩම කරවනු ලැබූ අතර පෙහෙවස් සමාදන් වූ උවැසි, උවැසියන් මෙන්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් රාත්‍රියේ සිටම මුතිංයගන පුදබිමේ රැදී සිටියේ සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීමේ දැඩි අපේක්ෂාවෙන්.
හිරු TVහිරු FM ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති
රේනෝ සිල්වා මහතා විසින් කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ඒ වෙනුවෙන් සකස් කළ විශේෂ ධාතු මන්දිරයේ තැන්පත් කිරීම සඳහා වැඩම කරවනු ලැබුවේ ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ සාධු නද මධ්‍යයේයි.
අනතුරුව සුවඳ මල් පුදා උදෑසන බුද්ධ පූජාව ද, අෂ්ඨ පරිශ්කාර පූජාව ද ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා විසින් සිදුකළ අතර, අනතුරුව ඊට අදාළ ආගමික වතාවත් සිදුකෙරුණා.
මෙහිදී ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති
රේනෝ සිල්වා මහතා මුතියංගන රජමහා විහාරයට හඳුන් කූරු රඳවන ද්විත්වයක් ද මෙහිදී පූජා කරනු ලැබුවා. ඒ පුදබිමක් සුවඳ දුමින් පුදදීමට සුවහසක් වූ සැදැහැවතුන් උනන්දු කරවීමක් ලෙසිනුයි.
මෙලෙස පුදබිමක් සුවඳවත් කිරීමත් ඒ සඳහා බැතිමතුන් උනන්දු කරවීම තුළින් සිදුකරගන්නා වූ පිං මහිම මෙන්ම බුදුන් වැඩිබිමක් සුවඳවත් භාවයෙන් පුරවමින් දෙවිවරුන්ගේ ප්‍රියතාවය ගෙනදීම මෙම පිංකම තවත් මහානිසංස ගෙන දෙන අවස්ථාවක් බවයි වස්කඩුව ශ්‍රී සුභූති විහාරාධිපති වස්කඩුවේ මහින්දවංශ හිමිපාණන් සහ මුතියංගණ රජමහා විහාරයේ භාරකාර පූජ්‍ය මුරුන්දෙණියේ ධම්මරතන හිමියන් සඳහන් කළේ.
එමෙන්ම ප්‍රවීන ජ්‍යෝතීර්වේදී නිශාන්ත පෙරේරා මහතාද මෙලෙස සුවඳදුමින් බුදුන්වැඩි බිමක් සුවඳවත් කිරිමේ මහානිසංස පිළිබඳව මෙලෙස විස්තර කළා.
‘‘ඔබ දකින්න ඇති සභාපතිතුමන් විසින් සුවඳ දුම් පූජාවක් කළා, අපි සාමාන්‍යයෙන් දකින්නේ හඳුන්කූරක් අරන් ගිහින් පත්තු කරන එක විතරයි සුවඳදුම් පූජාවක් විදියට. නමුත් මේ සුවඳවත් භාවයෙන් පවා දෙවිවරුන්ගේ ප්‍රියතාවය තමයි ඉහළ මට්ටමක තියෙන්නේ. ඒ වගේම මානසික වශයෙන් විසඳගන්න බැරි යම්කිසි කරුණකින් පීඩා විඳින අවස්ථාවක පන්සලකට ගිහින් සුවඳ දුම් භාජනය පිරිසිදු කරලා හදුන්කූරක් පත්තු කළාම තියෙන මානසික ඒකාග්‍රතාවය හරිම ඉහළයි.‘‘
හිරු උත්තම ධාතු වන්දනාවේ හා ආලෝක පුජාවේ සම්පූර්ණ වීඩියෝ පහතින්..... VIDEO VIDEO