අරණායක -කබරගල කන්ද නාය යාමෙන් දැනට කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති බව පොලිසිය ප්‍රකාශ කළා. කෙසේ වෙතත් තවමත් විටින් විට කන්දෙහි කොටස් නායයමින් පවතින බවයි එම ස්ථානයේ සිටින අප වාර්තාකරු සදහන් කළේ.
මේ අතර නායයාම සිදුවන අවස්ථාවන් දැක බලා ගැනීම සඳහා අරණායක ප්‍රදේශයට පැමිණීමෙන් වළකින ලෙස පොලිසිය ජනතාවගෙන් යළි ඉල්ලීමක් කරනවා.
එලෙස පැමිණෙන ජනතාව හේතුවෙන් අරණායක - මාවනැල්ල ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින බවයි වාර්තා වන්නේ.