අරණායක - සාමසර කන්ද නායයාමෙන් අතුරුදන්වූවන් සොයා අද උදෑසන ආරම්භ කළ මෙහෙයුම්වලට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.
කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ වර්ෂාවත් සමග සාමසර කන්දෙන් පස් සමග ජලය පහතට ගලා ඒම නැවතත් ආරම්භ වී ඇති බවයි.
එම නිසා මෙහෙයුම්වල නිරත වී සිටින හමුදා භට පිරිස් එම ස්ථානයෙන් ඉවත් කරගෙන තිබෙනවා. සාමසර කන්ද නායයාමෙන් අතුරුදන් වූ පුද්ගලයන් 17 දෙනෙකුගේ සිරුරු ඊයේ සොයා ගත්තා.