කැළණි ඟගේ ජල මට්ටම තවදුරටත් අවදානම් මට්ටමක පවතින බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස අවට පහත්බිම්වල සිටින ජනතාවගෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලීමක් කරනවා.
ගත වූ පැය කිහිපය තුළ දැඩි වර්ෂාපතනයක් පතිත නොවූව ද අවට ප්‍රදේශවල ගංවතුර තත්ත්වය තවදුරටත් එලෙසම පවතින බවයි එම මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ. ඒ අනුව, වැල්ලම්පිටිය, මුල්ලේරියාව, අංගොඩ, ආදී ප්‍රදේශවල පැවති ගංවතුර තත්ත්වය එලෙසින්ම පවතිනවා.
මේ අතර, දිවයින අවට මුහුදු සීමාවේ සුළං වේගය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න කියා සිටියේ ඇතැම් අවස්ථාවල සුළගේ වේගය කිලෝමීටර් 70 ත් 80 ත් අගයක් ගත හැකි බවයි. ඒ හේතුවෙන් ධීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් පසුවිය යුතු බව ද ඔහු සදහන් කළා.