ඒ හේතුවෙන් අතුරුගිරිය දක්වා පැමිණෙන වාහන සඳහා මාළඹේ ප්‍රදේශයට පිවිසීමේ බාධාවක් පවතින බවයි අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ එස්. ඕපනායක සදහන් කළේ.
කඩවත සිට අතුරුගිරිය හුවමාරුව දක්වා ධාවනය වන රථ වාහන මාළඹේ ප්‍රදේශයට යාමට නොහැකි නමුත්, අතුරුගිරිය ප්‍රදේශයට ගමන් කිරීමට හැකියාවක් පවතිනවා.
කොට්ටාවේ සිට අතුරුගිරිය දක්වා පැමිණෙන රථ වාහනවලට මාළඹේ ප්‍රදේශයට ඇතුළුවීමට හැකි අතර, එහෙත් අතුරුගිරිය ප්‍රදේශයට ගමන් කිරීමට හැකියාවක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
කඩවත සිට පැමිණෙන රථ වාහන වලට මාළඹේ ප්‍රදේශයට යාමට හැකියාවක් පවතින්නේ කොට්ටාව පිවිසුම දක්වා ගමන් කිරීමෙන් පමණයි.