අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි ගුවන් යානා 3ක් වෙනත් ගුවන් තොටුපළ වෙත හරවා යවා තිබෙනවා.
ඊයේ රාත්‍රී 8යි 30ට මුම්බායි සිටි පැමිණි ගුවන් යානයක් සහ මධ්‍යම රාත්‍රී 12යි 45ට පැමිණි තවත් ගුවන් යානයක් කොචින් ගුවන් තොටුපළ වෙත හරවා යවා ඇති බවයි වාර්තා වෙන්නේ.
මිට අමතරව අළුයම 01.10 ට පැමිණි ඩුබායි සිට පැමිණි ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපළ වෙත හරවා යවා ඇති බව වාර්තා වේග
මේ අතර අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ 07 ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අද දිනයේ නොපැවැත්වෙන බව පාලනාධිකාරිය සදහන් කළා.