කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසෙල් ගමු ඔයට පැන සියදිවි හානි කර ගැනිමට තැත්කළ අවුරුදු 23 වයසැති තරුණියක්ව බේරා ගැනිමට හැටන් නොර්වුඩ් වතුයායේ වතුකමිකරුවන් හා ප්‍රදේශවාසින් පිරිසක් සමත්වි තිබෙනවා.
අද (12) අළුයම හතරට පමණ මෙම තරුණිය කෙසෙල් ගමු ඔයට පැන සැඩ පහරට ගසා ගෙන ගොස් කෙසෙල් ගමු ඔය මැද තිබු ගල් පර්වතයක් මැද රැදිසිටියදි ඇය විසින් කෑගසන ශබ්දය අවට වතුකම්කරුවන්ට හා ප්‍රදේශවාසින්ට ඇසි ඇයව ගොඩට ගෙන තිබෙනවා.
පසුව ඔවුන් විසින් ඇයව කෙසෙල් ගමු ඔයෙන් ගොඩට ගෙන නොර්වුඩ් පොලිසියට භාර දි තිබෙනවා. නොර්වුඩි මංසන්ධිය අසලින් ගඟට පැන ඇති මෙම තරුණිය නොර්වුඩ් නිවිටන් වත්තේ පදිංචිකාරියක් බවත් ඇය මන්දමානසික රෝගයෙන් පෙළන තරුණියක් බවත් නොර්වුඩි පොලිසිය පවසනවා.