Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
10
ඇඹිලිපිටියේ සුමිත් මියගිය හැටි ගැන අධිකරණයේදී හෙළිවුණු කරුණු එළියට

- ඇඹිලිපිටියේ සුමිත් මියගිය හැටි ගැන අධිකරණයේදී හෙළිවුණු කරුණු එළියටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

33,069 Views
බිමට වැටුණේ පාද බිමට සිටින සේ වීමේ සම්භාවිතාව වැඩීලු
තල්ලු කළානම් ඔහු හරස් අතට වැටීමේ සම්භාවිතාවත් වැඩීලු

ඇඹිලිපිටියේ පැවැති සාදයක් අතරතුර දී මිය ගිය සුමිත් ප්‍රසන්න නැමැති තරුණයාගේ අධිකරණ වෛද්‍ය වාර්තාව අද ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්වරයා කරනු ලැබූ නියෝගයකට අනුව පසුගිය මාර්තු 15 වන දා ගොඩ ගනු ලැබූ සුමිත් ප්‍රසන්නගේ දේහය අධිකරණ වෛද්‍යවරුන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් මගින් විමර්ශනය කරනු ලැබුවා. කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් උත්පලා ආටිගල සහ අසේල මෙන්ඩිස් යන වෛද්‍යවරුන් හමුවේයි පරීක්ෂාවට ලක් කෙරුණේ.

එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරමින් විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලය ප්‍රකාශ කර ඇත්තේ මිය ගිය සුමිත් ප්‍රසන්නට තුවාල සිදුව ඇත්තේ සිද්ධිය වන අවස්ථාවේදී එහි තිබූ දොරක වීදුරුවලට කැපීමෙන් බවයි.

ඔහු කෙලෙස දොර මත පතිත වූයේ ද යන්න පිළිබද අධිකරණ මතයක් පළ කළ නොහැකි බව ද එම වාර්තාවේ දැක්වෙනවා. සුමිත් ප්‍රසන්න අඩි දොලහමාරක පමණ උසකින් බිමට වැටී ඇති බවත් එහි දැක්වෙනවා.

එමෙන්ම මොහු බිමට වැටී ඇත්තේ සිය පාද බිමට සිටින සේ වීමේ සම්භාවිතාව ඉහළ බව ද අධිකරණ වෛද්‍ය වාර්තාවේ තවදුරටත් සදහන්. කිසියම් පුද්ගලයෙකු මිය ගිය සුමිත් ප්‍රසන්න බිමට තල්ලූ කළේ නම් ඔහු හරස් අතට වැටීමේ සම්භාවිතාවය ඉහළ බව ද විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ තවදුරටත් දැක්වෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී ඩී ඩබ්ලිව් චමින්ද ධර්මරත්න ගොනු කර ඇති ඇප අයදුම්පත්‍රය අද ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු කුමාරි අබේරත්න හමුවේ කැදවනු ලැබුවා.

එහිදී සැකකාර හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා වෛද්‍ය මණ්ඩලය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ පිටපතක් මහාධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

එය ඉදිරිපත් කරමින් නීතිඥවරයා සදහන් කළේ මෙම වාර්තාවට අනුව සැකකාර පොලිස් අධිකාරීවරයා වරදක් සිදුකර ඇති බවට ප්‍රකාශ කිරීමේ සම්භාවිතාව අඩු බවයි. ඒ අනුව මොහුට ඇප ලබාදෙන ලෙස මහාධිකරණ විනිසුරුවරියගෙන් ඉල්ලීමක් ද කළා.

කෙසේ වෙතත් ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු කුමාරි අබේරත්න නියෝග කළේ මේ පිළිබද විරෝධතා ඇත්නම් ලබන 25 වන දාට ඉදිරිපත් කරන ලෙසයි.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Oba Dakina Dakina - Chandrasena Hettiarachchi
Oba Dakina Dakina
Chandrasena Hettiarachchi
⤵  996 Downloads

Sihinenwath - Roshan Buddhika
Sihinenwath
Roshan Buddhika
⤵  194 Downloads

A Oya Nisa - Nishi Tennakoon
A Oya Nisa
Nishi Tennakoon
⤵  361 Downloads

Hodin Oya - Nuwan LakSri
Hodin Oya
Nuwan LakSri
⤵  1,070 Downloads

Pemwantha Sith Kone - Nuwan Samarasekara
Pemwantha Sith Kone
Nuwan Samarasekara
⤵  5,465 Downloads

Ahinsakaviya - Janaka Katipearachchi
Ahinsakaviya
Janaka Katipearachchi
⤵  1,455 Downloads

Sundara Digasiya - Don Rajeev ft. Gloria & Dicky Boy
Sundara Digasiya
Don Rajeev ft. Gloria & Dicky Boy
⤵  2,356 Downloads

Sihina Wilak - Asantha Peiris
Sihina Wilak
Asantha Peiris
⤵  5,949 Downloads

Unuhumata Innam - Ishini De Silva
Unuhumata Innam
Ishini De Silva
⤵  5,698 Downloads

Idiappan Kade - Reload Samantha
Idiappan Kade
Reload Samantha
⤵  6,311 Downloads



Top 10 Commenters

Latest Comments

Top