බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක තොම්සන් පදනම මගින් ගවේෂණාත්මක ප්‍රවෘත්ති වාර්තා කිරීම සඳහා වාර්ෂික පිරිනැමෙන ජනමාධ්‍ය විශිෂ්ඨතා සම්මාන සහතිකය මෙවර හිමි කර ගැනීමට හිරු සී.අයි.ඒ. සමත් වුණා. සම්මාන සහතික ප්‍රදානය (04 වනදා) පැවැත්වුණේ කොළඹ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේදියි.
1963 වසරේ ඇරඹෙන තොම්සන් පදනම වසර 50කට අධික කාලයක් පුරා මාධ්‍යවේදීන් පුහුණු කිරීමේ කටයුතු සිදුකරන අතර ලොව ප්‍රථම මාධ්‍යවේදීන් පුහුණු කිරීමේ පුන්‍යාධාර පදනම ලෙස ද සැලකෙනවා. වසරක් පාසා ඔවුන් ගවේෂණාත්මක ප්‍රවෘත්ති වාර්තාකරණය වෙනුවෙන් රූපවාහිනී, ගුවන් විදුලි සහ මුද්‍රිත මාධ්‍ය සඳහා විශිෂ්ඨතා සහතික ප්‍රදානය කිරීම විශේෂත්වයක්. ඒ අනුව මෙවර රූපවාහිනී අංශයේ විශිෂ්ඨතා සහතිකය හිමි කර ගත්තේ හිරු සී.අයි.ඒ. හරහා විකාශය කෙරුණු වනාතවිල්ලූව - ග්‍රීන්ෆීල්ඞ් ඉඩම් වංචාව පිළිබද පුවතයි. මාස 6කට අධික කාලයක් තොරතුරු රැස් කර සී.අයි.ඒ. නිෂ්පාදනය කළ මෙම පුවතට තොම්සන් රොයිටර්ස් පදනමේ සම්මාන සහතිකය හිමි වුණේ මෙරට සිදුවූ විශාලතම ඉඩම් වංචාවේ තොරතුරු සහ එහි මහ මොළකරු වන රොහාන් සමන් රත්නායක ජනතාව හමුවට ගෙන ඒම වෙනුවෙන්.
ගවේෂණාත්මක ප්‍රවෘත්ති වාර්තාකරණය සහ ඉන් සමාජයට හිමි වන යහපත පිළිබද ඊයේ පැවැති සම්මාන සහතික ප්‍රදානයේ දී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ජෝන් රැන්කින් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට ගවේෂණාත්මක ප්‍රවෘත්ති ඉතා වැදගත් වන බවයි. යම් සිදුවීමක් පිළිබඳ සත්‍ය දැන ගැනීමේ අයිතිය සමාජයට පවතින බව ද ඔහු ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකාවෙන් විශිෂ්ඨතම ගවේෂණාත්මක පුවත ලෙස මෙවර තොම්සන් පදනමෙන් තෝරා ගත් ග්‍රීන්ෆීල්ඞ් වංචාව පිළිබද පුවත මේ වන විට ජාත්‍යන්තර වටයේ නිර්දේශ සඳහා බංග්ලාදේශයේ පැවැත්වෙන තරගාවලිය වෙනුවෙන් ද ඉදිරිපත් කර තිබෙනවා. එහිදී දකුණු ආසියානු කලාපයෙන් හිරු සී.අයි.ඒ. ග්‍රීන් ෆීල්ඞ් පුවත සඳහා තරඟ කිරීමට තෝරාගෙන ඇත්තේ නේපාලයෙන් සහ බංග්ලාදේශයෙන් ඉදිරිපත් කෙරුණු ගවේෂණාත්මක ප්‍රවෘත්ති වාර්තාකරණයයි.