තිරප්පනේ - සෙලෙස්තිමඩුව ප්‍රදේශයේදී මෝටර් රථයක් තුළ යුද හමුදා විශේෂ බලකායේ හිටපු සෙබලෙකු ඇතුලූ පුද්ගලයන් තුන්දෙනෙකු ඝාතනය කර ඇත්තේ ටී 56 ස්වයංක්‍රීය ගිනි අවියකින් වෙඩි ප්‍රහාර 15 ක් පමණ එල්ල කිරීමෙන් බවට අනාවරණ වී තිබෙනවා.
ඒ අදාළ මළසිරුරු තුන සම්බන්ධයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය එස් එම් එච් එම් කේ සේනාරත්න විසින් පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුවයි.
අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මීට පෙර කරන ලද නියෝගයකට අනුවයි මෙම මරණ පරීක්ෂණය සිදු කෙරුණේ.
පසුගිය 30 වනදා මෙලෙස සෙලෙස්තිමඩුව කැලෑබද ප්‍රදේශයකදී මෝටර් රථයක් තුළ වෙඩිවැදී මියගොස් සිටියදී සොයාගත් සරත් බණ්ඩාර නොහොත් එස් එෆ් බණ්ඩාගේ පපුවට පමණක් වෙඩි ප්‍රහාර 7 ක් එල්ලවී ඇති බවටයි මරණ පරීක්ෂණයේදී හෙළිව ඇත්තේ.
මොහු මිනීමැරුම් ඇතුලූ අපරාධ රැසකට සම්බන්ධ විත්තිකරුවෙකු බවටද පොලීසිය අනාවරණය කරගෙන තිබුණා.