විදේශ රටක සේවය කළ හසලක ප්‍රදේශයේ කාන්තාවක් තම පියාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා පසුගිය දිනක දිවයනට පැමිණ තිබෙනවා.
ඇය කටුනායක ගුවන් තොටුපලින් බැස මහනුවර ප්‍රදේශයට පැමිණ ඇත්තේ රූපලාවන්‍ය මධ්‍යස්ථානයකටයි.
ඇය රූපලාවන්‍ය ශිල්පිණියට කතා කර ''නංගි මට ඉක්මනට පේෂල් එකක් දාලා හෙයාර් ස්ටයිල් එකක් දාලා දෙන්නැයි'' පවසා තිබෙනවා.
කොපමණ මුදලක් ගියත් ප්‍රශ්නයක් නැති බව මේ අරුම පුදුම කාන්තාව රූපලාවන්‍ය ශිල්පිනියට කියලා.
රූපලාවන්‍ය ශිල්පිනිය ඇයගෙන් ඇයි හදිස්සි කියා විමසූ විට පවසා ඇත්තේ තමාගේ පවුලේ මළගෙදරක් සිදුව ඇති නිසා ඉක්මනින් යා යුතු බවයි.
එවිට මේ කාන්තාව එක්වරම රූපලාවන්‍ය ශිල්පිනියට “නංගී මගේ තාත්තා මැරිලා ඉන්නේ එයාගෙ මළගෙදරටයි මේ යන්නෙ” යැයි පවසා තිබෙනවා.