ලෝක ප්‍රසිද්ධ ගායිකාවක් ඇවිත් සින්දු කියන හැටි බලන්න කවුද ආසා නැත්තේ. ඒත් සමහර අය ඉන්නවා ඔය ලොකුයි කියන ගායක ගායිකාවන් ආවට සත පහකට ගණන් ගන්නේ නැති. මේ කියන්න යන්නේ ඒ වගේ කෙනෙක් ගැන කතාවක්. සිද්ධිය වෙලා තියෙන්නේ ඇමරිකාවේ උතුරු කැරොලිනා ප්‍රාන්තයේ.
එහෙ තිබුණු ප්‍රසංගයට ලෝක ප්‍රසිද්ධ ගායිකාවක් වුණු බියෝන්සේ ඇවිත් තියෙනවා. සරාගී ඇඳුමකුත් ඇඳලා හැමෝම වශී කරන ඩාන්ස් දැම්ම මෙයාව දැකලා හැමෝම උඩ පැන පැන කෑ ගහන්න පටන් ගත්තා.
ඒත් ඔය ප්‍රසංගය බලන්න ආව කෙනෙක් පැත්තකට වෙලා මොන ඩාන්ස්ද කියලා තිබ්බ පොතක් කියවගෙන පාඩුවේ හිටියා. මෙච්චර ප්‍රසිද්ධ කෙනෙක් ඇවිල්ලත් ඇයි මේ විදියට පොතක් බලන්නේ කියලා කාටත් ප්‍රශ්නයක් වුණා.