පසුගිය දිනෙක මාවනැල්ල ප්‍රදේශයේ පිට්ටනියකදී ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි තරුණයක් විසින් තවත් ක්‍රිකට් පිත්තෙන් පහරදීම නිසා ඔහු තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ප්‍රේම සම්බන්ධතාවක් මෙම පහරදීමට මුල්වී ඇති බවට පැවසෙන අතර තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙක්. මෙම පහර දීමට මුල්වී ඇති සිද්ධිය මෙසේයි.
තුවාල ලබා රෝහල් ගත කර ඇති තරුණයා හා ක්‍රිකට් පිත්තෙන් පහරදී ඇති තරුණයා ප්‍රදේශයේ තරුණියකට සිතින් පෙම්කර තිබෙනවා. පසුව ගුටිකෑ තරුණයා මීට මාස දෙකකට පමණ ඉහතදී තරුණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ඇතිකරගෙන ඇති අතර ඒ බව දැනගත් පහරදුන් තරුණයා පසුව දුකසේ කල්ගත කර ඇති බවත් පැවසෙනවා.
ඒ අනුව පසුගිය 4වනදා මෙම තරුණයන් දෙදෙනා මිතුරන් සමඟින් ක්‍රීඩාපිටියක ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටියදී ක්‍රිකට් පිත්තෙන් පහරදී ඇති තරුණයා තුවාල ලබා රෝහල් ගත කර ඇති තරුණයාගෙන් විමසා ඇත්තේ ‘‘මචං උඹ කොහොමහරි කෑල්ල දා ගත්තා නේද‘‘ ලෙසයි.
එයට පිළිතුරු දුන් ගුටි කෑ තරුණයා පවසා ඇත්තේ ‘‘කෑල්ලගෙන් මට වැඩි තිබුණු නිසා එයා මට සෙට් වුණු බවයි‘‘
මේ හේතුවෙන් දුකටපත් තරුණයා අතේ තිබුණු ක්‍රිකට් පිත්තෙන් අනෙක් තරුණයාට පහරදී ඇති අතර තුවාල ලැබූ ඔහු පසුව කෑගල්ල මහ රෝහලට ඇතුලත්කර තිබෙනවා.