කුණුහරපයෙන් බැනලා නීතියේ විදියට ඉන්න කීවලු
ශිෂ්‍යාවකට නවක වදය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සරසවි සිසුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුවියන් 04 දෙනෙකු සහ එක් සිසුවෙක්.
අත්අඩංගුවට ගත් සිසුන් පිටබැද්දර, ඌරුබොක්ක, නිට්ටඹුව, රුවන්වැල්ල හා නාරම්මල ප්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන් විසින් පසුගිය අප්‍රේල් 26 වනදා කැළණිය විශ්වවිද්‍යාලයේදී සිසුවියකට නවක වදය ලබාදීමේදී ඇය මානසික හිංසනයට ලක්වු බව පවසමින් කිරිබත්ගොඩ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.
අදාළ පැමිණිල්ලට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි කැළණිය කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් සඳහන් කළේ.
මේ අතර, මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳව අදහස් දැක්වු කැළණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති නන්දන උදේශ් සඳහන් කළේ පසුගිය රජය මෙන්ම වර්තමාන රජයද ශිෂ්‍ය මර්දනයට කටයුතු කරමින් සිටින බවයි.