කැම්පස් කාලේ අන්තිම වෙද්දි කට්ටිය මුහුණදෙන ලොකුම අභියෝගේ තමයි උපාධි නිබන්ධනය හදන එක. ඉතින් මේකට උපදේශනය දෙන්න මහාචාර්ය කෙනෙකුත් එක එක ළමයට ඉන්නවා.
තමන් හදාගෙන යන දේවල් වැරදී කියනකොට ඒකට වඩා දෙයක් තව කරන්න පුලුවන් කියනකොට අමාරුවෙන් කරන මේ වැඩේට එක එක ප්‍රශ්න එනකොට ඉවසන්න බැරි තරමේ තරහක් සමහර ළමයින්ට තියෙනවා.
ඔය විදියට තමන්ගේ උපාධිය වෙනුවෙන් කරන නිබන්ධනයට වැරැද්දක් කියපු මහාචාර්යවරියක්ව ඝාතනය කරපු සිසුවෙක් ගැන ඉන්දුනීසියාවෙන් වාර්තා වෙනවා.
වාර්තාවෙන විදියට මහාචාර්යවරිය ඝාතනයට කරන්න කළින් මේ දෙන්නා අතරේ ලොකු මතගැටුමක් ඇතිවෙලා තියෙනවා කරන්න යන උපාධි නිබන්ධනය ගැන. ඒ කතාව දුරදිග ගිහින් තමන් අමාරුවෙන් කරපු වැඩේට එක එක කතා කියනවා කියලා තමයි මේ විදියට තරුණයා මහාචාර්යවරියව මරලා තියෙන්නේ.
කෑ ගහගෙන බැනගත්තු මේ දෙන්නා අන්තිමේ දෙපැත්තකට ගිහින්. මේක බලන් හිටපු සිසුවා මහාචාර්යවරියට බාත්රූම් එකට ගිහින් එනකම් ඉඳලා බෙල්ල කපලා තමයි ඇයව මරලා තියෙන්නේ. මේ අපරාධයෙන් පස්සේ ඔහුත් කැම්පස් එකේම බාත්රූම් එකක හැංඟිලා ඉන්නකොට පොලිසිය ඇවිත් අල්ලගෙන ගිහින් තියෙනවා.
ඒ වගේම කැම්පස් එකේ ළමයි මේ කොල්ලට හොඳටම ගහලත් තියෙනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.