දෙමළ ජාතික දරුවන් දෙදෙනෙකු පැවදිබිමට ඇතුලත් වීමේ අපූරු පුවතක් අපිට අහන්න ලැබුණේ කන්දකුලිය පැත්තෙන්.
කන්දක්කුලිය සමුද්‍රාසන්න විහාරාධිපති පුජ්‍ය බැඳිවැව දියසෙන් හිමිපාණෝ තම විහාරස්ථානයේ වැඩ වාසය කරන මේ කුඩා සාමනේර භික්ෂූන් වහන්සේ දෙනම රැකබලාගන්නවා.. වව්නියාවේ ගම්මානයක ජීවත්වූ මේ දෙමළ දරුවන් දෙදෙනා ඥාති සොහොයුරන් දෙදෙනෙක්.
කල්පිටිය කන්දක්කුලිය සමුද්‍රාසන්න විහාරස්ථානයේ දී පැවිදි බිමට ඇතුලත්වූ මේ කුඩා සාමනේර හිමිවරුන් දෙදෙනා සිරිහරන් තනුෂන්, කොක්එළියේ සුමන හිමියන් නමින්ද, කනකරාසා තනුෂන් කොක්එළියේ ජිනාලංකාර හිමි නමින්ද පැවිදි බිමට ඇතුළත් වී සිටිනවා.