ලංකාවේ ජනප්‍රිය වෙන්න හදන නළු නිලියෝ මේ වෙනකොට ඒ වෙනුවෙන් යොදාගෙන තියෙන්නේ සමාජජාල වෙබ් අඩවි. එක එක විදියට ෆොටෝ දාලා, එක එක තැන් වල ගිහිල්ලා මේ අය දාන ෆොටෝ වලට හොඳ ප්‍රතිචාර වගේම සමහර අයට නම් ලැබෙන්න ටිකක් නරක ප්‍රතිචාර.
ඒ ගැන ඉතින් ෆේස්බුක් භාවිතා කරන ඔබට අලුතින් කියන්න දෙයක් නෑනේ. මොකද ඔය ජනප්‍රියයි කියාගන්න සමහර නිලියෝ දාන ෆොටෝ වලට සමහරු නම් බනින්නේ කියන්න බැරි වචන වලින්. මේ විදියට ෆේස්බුක් දාන ෆොටෝ ගැන නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන මහේෂි මධුසංකා හොඳ කතාවක් කියලා තිබුණා.
නිළියකට රූපය විතරක් තිබුණට ඇද්ද?
අම්මෝ . . . කොහෙත්ම මදි. හරි මාර්ගයේ යනව නම් ප්‍රශ්නයක් නෑ. හැම ක්‌ෂේත්‍රයකම හැකි විවිධ මාර්ග තියෙනවා. රංගන ක්‌ෂේත්‍රයේ විවිධ මාර්ග තියෙනවා. හරි පාරෙ යන කෙනකුට රූපය, හැකියාව සහ නුවන තියෙන්න ඕන. යන ගමන ගැන හරියට දැනගෙන යන්න ඕන. මොනව ලැබුණත් අපිට අපේ ජීවිතය තියෙන්න ඕන. ජීවිතය විනාශවෙලා මොනවා ලැබුණත් වැඩක් නැ.
ඔබට බලපෑම් එල්ලවෙලා නැද්ද?
අනේ නෑ. මම කෙලින් කතා කරන කෙනෙක්. මට එහෙම වුණා නම් මම එදාම ඒක මාධ්‍යයට කියනවා. තනි අතින් අප්පුඩි ගහන්න බෑනෙ. යමෙක් යම් බලපෑමක් ආරාධනාවක් කරනවා නම් අපි දැන ගන්න ඕන ඒකට නොයා ඉන්න. හැබැයි මම ක්‌ෂේත්‍රයට ආපු මුල් කාලේ, ඒ කියන්නේ මම කිසිම නිර්මාණයකට දායක වෙලා නොසිටිය කාලෙ එක්‌තරා අධ්‍යක්‍ෂවරයෙක් ඔහුගේ නිර්මාණයට මාව තෝරා ගන්න තනියම එන්න කිව්වා. නමුත් මම ගියේ අම්මත් එක්‌ක. මම අම්මත් එක්‌ක ගිය නිසා මට ඒ චිත්‍රපටය ලැබුණෙ නෑ. වෙන රංගන ශිල්පිණියක් අරගෙන ඒක කළා. නමුත් තවම ඒ චිත්‍රපටය තිරගත කළේ නෑ.
'FB' එක ගැන මහේෂි මොකද හිතන්නේ?
FB එකේ කිසිම වරදක් නෑ. ඒක පාවිච්චි කරන විදිහේ තමයි වරද තියෙන්නේ. මමත් හුඟ කාලයක් ඉඳන් FB ඉන්නවා. හැබැයි මම කවදාවත් FB එකේ ආදරය කරන්න ගිහින් නෑ. ඒ නිසා මම කියන්නේ FB එකෙන් ආදරය කරන්න යන්න එපා.
අපේ සමහර නිළියෝ FB පාවිච්චි කරන විදිහ ගැන මහේෂි මොකද හිතන්නේ?