මස්කෙළිය පොලිස් වසමට අයත් ස්කාබ්රෝ තේ වත්තේ ඥාතියෙකුගේ නිවසට පැමිණ සිටියදී අතුරුදන්වූ පාසල් සිසුවකුගේ මළ සිරුරක් ඊයේ සාමිමලේ ස්කාබ්රෝ ඔයේ පාවෙමින් තිබියදී සොයාගෙන තිබෙනවා.
මෙම මළ සිරුර කොළඹ, මරදාන, පංසල පාරේ පදිංචිව සිටි චන්ද්‍රන් විනෝදන් නැමති 15 හැවිරිදි පාසල් සිසුවාගේ බවට ඔහුගේ ඥාතීන් විසින් හදුනාගෙන ඇති බවයි වාර්තාවුණේ.
අළුත් අවුරුදු නිවාඩුවට සාමිමලේ, ස්කාබ්රෝ වත්තේ ඥාතියෙකුගේ නිවසට පැමිණ සිටියදී මෙම පාසල් සිසුවා ඉකුත් (20) දා අතුරුදන්ව ඇති බවට මිය ගිය සිසුවාගේ බාප්පා විසින් මස්කෙළිය පොලීසියට පැමිණිළි කර තිබෙනවා.
ස්කාබ්රෝ තේ වත්තේ ළමයින් පිරිසක් මෙම මළ සිරුර ප්‍රථමයෙන් දැක මස්කෙළිය පොලීසියට දන්වා ඇති අතර මිය ගිය සිසුවා තවත් යහළුවන් පිරිසක් සමග දිය නෑමට ගිය බවටද ප්‍රදේශයේ පිරිසක් දැක ඇති බවයි වාර්තා වන්නේ.