ක්‍රිකට් ක්‍රීඩකයෝ කියන්නේ ඉතින් සල්ලිකාරයෝ කියලා තමයි හැමෝම කියන්නේ. ඒ අයගේ ජීවිතේ මොන වගේද ? කවුද එයාලා ආශ්‍රය කරන්නේ ? වැඩියෙන්ම ළඟින් ඉන්න කෙනා කවුද ? කියලා ගොඩදෙනෙක් දැනගන්න ආසයි.
ඒත් ඔය වගේ තොරතුරු ක්‍රීඩකයෙකුගෙන් එළියට එන්නේ බොහොම කළාතුරකින්. මොකද හැමදාම සෙල්ලම් කරන ක්‍රිකට් ක්‍රීඩාවට වඩා තවත් රසමුසු තැන් ඔවුන්ගේ ජීවිතේ තියෙනවා කියලා හොයලා බලන අය ගොඩක් අඩු නිසා.
ඒත් සමහර ක්‍රීඩකයින්ගේ සෙල්ලක්කාර ජීවිත ගැන ඔවුන් කරන දේවල් වලින් අපිට දැනගන්න පුලුවන්. හැබැයි ඒ වැඩ කටක් ඇරලා ලෝකෙට කියන්න නම් සමහරු එච්චර කැමති නෑ. ඒත් තමන් ජීවිතේ ගත කරපු හැටි වගේම එකට හිටපු කාන්තාවෝ ගැන ලෝකෙටම කියන්න ක්‍රිකට් ක්‍රීඩකයෙක් මේ වෙනකොට කටයුතු කරලා තියෙනවා.
ඒ තමයි ටීනෝ බෙස්ට්. ඔහු කොදෙව් කණ්ඩායමේ හිටපු දක්ෂ වේගපන්දු යවන ක්‍රීඩකයෙක්. ඔහු කොදෙව් පිල වෙනුවෙන් එක්දින තරඟ 26කට වගේම ටෙස්ට් තරඟ 25කට සහභාගී වෙලා තියෙනවා.
ටීනෝ තමන්ගේ ජීවිතේ රසමුසු තැන් ලෝකෙටම කියපු වෙලා ඔහු කාන්තාවක් 500ක් එක්ක එකට ඉඳලා තියෙනවා කියලත් කියලා තියෙනවා.
මේ තමයි ඔහුගේ කතාව...
‘‘හැමෝම වගේ මමත් ගෑණු ළමයින්ට ආදරෙයි, ඒ වගේම එයාලත් මට ආදරෙයි, ලෝකෙ ඉන්න කඩවසම්ම තට්ටයත් මස තමයි. කළු බ්‍රැඩ් පිට් කියලා තමයි මම මටම විහිළුවට කියන්නේ .
මැච් සෙල්ලම් කරන ක්‍රීඩකයෙක් විදියට මම සංචාරය කරනකොට ගෑනු ළමයි එක්ක ඕනි තරම් කතා කරල තියෙනවා. ඒගොල්ලො එක්ක එක එක තැන් වල ඇවිදලා තියෙනවා. එකට නිදාගෙනත් තියෙනවා. මම ගණන් කරපු විදියට ඒ වගේ මම ගෑනු ළමයි 500 ත් 650 ත් අතර ගාණක් එක්ක එකට හිටියා.
හැබැයි කොච්චර කෙල්ලෝ එක්ක හිටියත් කාටවත් තමන්ගේ ප්‍රථම ප්‍රේමය අමතක කරන්න බෑ.
මෙලිසා තමයි මගේ පළවැනි ආදරේ වුණේ . අපි දෙන්නට ලස්සන පුතෙකුත් හිටියා. දවසක් හැමෝටම වගේ මගෙත් හැමදේම නරක අතට හැරුණා මොකද එයා මගෙන් වෙන්වුණා.
සමහර වෙලාවට මම ගෑනු ළමයෙක්ට කැමති වුණොත් මට වැඩක් නෑ එයා කවුද කියලා, එයා තනියම නම් ඉන්නේ මම මුලින්ම ගිහින් එයාට මං ගැන හඳුන්වලා දෙනවා. ඊට පස්සෙ එයාගෙ විස්තරත් අහනවා.
සමහර වෙලාවට මම පිරිමි ගණිකාවක් වුණා. ඇස්බැන්ඳුම් වුනත් මට ඒ වෙනුවෙන් කරන්න වුණා. නමුත් දවසින් දවස මගේ ජීවන ශෛලිය අලුත් වුණා. මට ඕන වුනේ සතුටු වෙන්න විතරයි. කෙල්ලෙක්ට බොරු කියන්න ඕන නෑ. අවංක වෙන්න. මගේ ජීවිතය ගැන මම ටීම් එකේ යාළුවොන්ටත් කියලා තිබුණා. ඒ අයට මට විහිළුකළා උඹට කෙල්ලෝ කැමති වෙන්නේ ක්‍රිකට් ගහන්න පුලුවන් නිසා, ඒක බැරිවුණු දවසට උඹට ඔය එක කෙල්ලෙක්වත් නෑ කියලා.
ඔය අතරේ අපි එක එක රටවල් වල සෙල්ලම් කරන්න ටුවර් යනකොට ටීම් එකේ අයම ඔට්ටු දැම්මා. ඒ කවුද වැඩිම කෙල්ලෝ ගාණක් එක්ක ටුවර් එකේදී ඉන්නේ කියලා. ඒ රෙකෝඩ් එක තියෙන්නේ මට, ඕස්ට්‍රේලියා ටුවර් එකකදි මට කෙල්ලෝ 40ක් යාළු කරගන්න පුලුවන් වුණා. ‘‘ මේ විදියට ඔහු තමන්ගේ ජීවිතේ ගැන තවත් ගොඩක් දෙවල් කියලා තිබුණා.