හලාවත මුහුදේ දියනෑමට ගිය අක්කා සහ නංගී දියේ ගිලී මියයෑමේ පුවතක් අපිට අහන්න ලැබුණා.
දියේ ගිලුනු මොවුන් දෙදෙනා සහ තවත් ඥාතීන් 12 දෙනෙකු බාරයක් ඔප්පු කිරීම සඳහා ඊයේ මුන්නේශ්වරම් දේවාලයට පැමිණ එහි ආගමික වතාවත්වලින් පසු නැවත පැමිණෙමින් සිටියදී ඔවුන් දියනෑම සඳහා නතර වී තිබෙනවා.
එම අවස්ථාවේදීයි මෙම අවාසනාවන්ත ඉරණමට ඔවුන් ගොදුරු වී ඇත්තේ. එක්වරම පැමිණි රැල්ලකට මෙම අක්කා සහ නංගී ගසාගෙන ගිය බවයි සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ.
පසුව මද වේලාවකින් සිරුරු මුහුදෙහි පාවෙමින් තිබෙනු දැක අසල සිටි අය මුහුදට පැන සිරුරු ගොඩගෙන ඇතත් ඒ වනවිටත් ඔවුන් දෙදෙනාම මියගොස් සිට තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ නාරම්මල ගල්වංගුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26 සහ 13 පසුවූ දෙදෙනෙක්. 26 හැවිරිදි වියේ පසුවූ සුදර්ශණී එක්දරු මවක් වන අතර 13 හැවිරිදි දර්ශනී පාසල් ශිෂ්‍යාවක්.