කොළඹ ප්‍රධාන පාසලක විවාහක විදුහල්පති කෙනෙක් එම පාසලේම විවාහක ගුරුවරියක් එක්ක ආදරය සබඳතාවක් පටන්ගෙන තිබෙනවා.
එම ගුරුවරියත් එක්ක විදුහල්පති ජිප් රථයකින් ගිහින් ගුරුවරියගේ සැමියා ළග හිටපු අවුරුදු එකහමාරක් වයස දියණියවත් අරගෙන පලායාමේ සිද්ධියක් වාර්තා වනවා.
මෙම විවාහක ගුරුවරිය ඇගේ සැමියා සමග ආරවුලක් ඇතිකරගෙන නිවසින් බැහැරව ගොස් තිබෙනවා.
පසුව ඒ ගැන ඇගේ සැමියා සිය දියණිය සහ මෙහෙකාරිය සමග පැමිණ පොලිසියට ඒ පිළිබඳව දන්වා පොලිසියෙන් එළියට පැමිණෙන අවස්ථාවේදීයි ජිප් රථයකින් පැමිණි ගුරුවරිය සහ විදුහල්පතිවරයා දියණිය රැගෙන පලාගොස් තිබෙන්නේ.
විවාහක විදුහල්පතිවරයා එම විදුහලේම ගුරුවරියක සමඟ ඇති කරගෙන ඇති මේ අසම්මත ආදර සබඳතාව නිසා අදාල පාසලේද දැඩි නොසන්සුන්තාවක් තිබෙන බවයි වාර්තා වන්නේ.