කාන්තාවකට සිහිසුන් වන තෙක් දූෂණය කළ තරුණයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බීමතින් ගලපිටමඩ - වැල්ගම්පත පැත්තේ නිවසකට ආපු මේ තරුණයන් දෙදෙනා අවුරුදු 66 ක් වුණු මේ කාන්තාව දූෂණය කර ඇත්තේ ගෙහිමියාව ගසක බැදීමෙන් පසුවයි.
දූෂණයට ලක් වූ කාන්තාවගේ සැමියාට පසුගිය අප්‍රේල් 26 දින පණිවිඩයක් එවූ මෙම තරුණයන් තැඹිලි කැපීමට පැමිණෙන තමන්ට ඌරුමස් උයා තබන ලෙස දන්වා තිබෙනවා.
පසුව අරක්කු බෝතල් දෙකක්ද රැගෙන පැමිණි එම තරුණයන් දෙදෙනා ගෙහිමියා සමග මත්පැන් පානය කර තිබෙනවා.
එම අවස්ථාවේදී තම ගෙවත්තේ විකිණීමට ගසක් තිබෙන බව පවසා එය බැලීමට යාමේදී ගෙහිමියා ඇඳසිටි සරමෙන් ඔහුව ගසේ බැද නැවතත් ඔවුන් දෙදෙනා නිවසට පැමිණ තිබෙනවා.
පසුව සැකකාර තරුණයන් දෙදෙනා විසින් නිවසේ සිටි කාන්තාව අමානුෂික ලෙස දූෂණය කර තිබෙනවා.
ඒ අවස්ථාවේදී කාන්තාව සිහිසුන් වීම නිසා බියවූ තරුණයන් දෙදෙනා ගසේ බැදසිටි ගෙහිමියාගේ සරම කිහිපතැනකින් කපා ඔහුව නිදහස් කර පලාගොස් තිබෙනවා.
සැකකාර තරුණයන් දෙදෙනාගේ තර්ජන නිසා බියවූ මොවුන් දෙදෙනා දින ගණනාවකට පසු සිද්ධිය ගැන පොලිසියට පැමිණිලි කර තිබෙනවා. ඒ අනුවයි ඔවුන් දෙදෙනව පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.