ගෑණු ළමයෙකුගේ ලොකුම හීනේ තමයි ලස්සන මනාළියෙක් වෙන එක. වෙඩින් සාරිය, මංගල මුද්ද, විවාහය කියන යාලුවෝ ගැන එයාලා දැන්ම ඉඳන් ප්ලෑන් කරලා තියෙනවා.
අපි මේ කියන්න යන්නේ ඒ විදියට ගෑණු ළමයෙකුගේ හීනයක් වෙලා තිබුණු සුපිරිගණයේ විවාහයක් ගැන. මේ සිද්ධවෙලා තියෙන්නේ රුසියාවේ මොස්කව් නගරයේ. විවාහ වුණු තරුණයාගේ වයස අවුරුදු 28ක්. තරුණියගේ වයස අවුරුදු 20ක්. මේ විවාහයේ විශේෂත්වය තමයි මඟුල වෙනුවෙන් ගියපු මුළු වියදම ආසන්න වශයෙන් ඩොලර් බිලියනයක් වුණු එක.
හිතාගන්න බැරි ගාණක් තමයි. ඒක ලංකාවේ මුදලින් රුපියල් 147,135,000,000 විතර වෙනවා. මනාළියගේ ගවුමේ වටිනාකම ලක්ෂ 37ක් විතර වෙනවා. තමන්ගේ අතගත්ත මනාලිය පුදුම කරවන්න තමයි මනාලයා මේ විදියට වියදම් කරලා තියෙනවා කියලා ආරංචි වෙන්නේ. ඒ වගේම ඔහු තෙල් ආකරයක් හිමි කෝටිපතියෙකුගේ පුතෙක් කියලා තමයි ආරංචි.
මේ විවාහ උත්සවය පැවැත්වුණු ශාලාවේ හැම බිත්තියක්ම ස්වාභාවික මල්වලින් සරසලා තමයි තිබිලා තියෙන්නේ. ඒ වගේම වෙඩින් එකේ සින්දු කියන්න ඇවිත් තියෙන්නේ ලෝක ප්රසිද්ධ ගායකයෙක් වුණු එන්රිකේ වගේම ජෙනිෆර් ලෝපේස්.