Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
30
මහ වැස්ස එක්ක අකුණක් ගහලා, මිහින්තලේ ගෙදරක සාලේ ටයිල් එක්ක විනාඩි 2ක් ඉහළට එසවිලා ගිහින්

- මහ වැස්ස එක්ක අකුණක් ගහලා, මිහින්තලේ ගෙදරක සාලේ ටයිල් එක්ක විනාඩි 2ක් ඉහළට එසවිලා ගිහින්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17,542 Views
ඉකුත් 28 වනදා මිහින්තලේ ඒ 9 මාර්ගයේ පුවරසන්කුලම පිහිටි නිවෙසක මැද සාලයට සවිකර තිබූ ටයිල් තට්ටුව හදිසියේ ඇති වූ ශබ්දයක් සමඟම කිහිප වරක්ම උස් පහත් වී යනු තමන් දුටු බව එම නිවෙසේ පදිංචි තනුජා කුමාරි මහත්මිය පවසා තිබෙනවා.

සවස 5.45ත් 6ත් අතර කාලයේදී මේ අපූරු සිද්ධිය දුටු බව පැවැසූ ඇය සඳහන් කළේ ඒ අවස්ථාවේදී වැස්ස සමඟ අහසේ අකුණක්ද පිපිරී කිහිපවරක්ම ගිගුරුම් හඬ ඇසුණු බවයි.


මේ සාලයේ අඩි 2ක් පළල ටයිල් වර්ග අඩි 300ක ප්‍රමාණයක සවිකර තිබූ බවත් එම තට්ටුව විනාඩි දෙකක් වැනි කෙටි කාලයක් උඩට එසවී ගිය බවත් ඒ මතට පය තබන විට ඒවා ගැලවෙන බවත් තනුජා කුමාරි මහත්මිය පවසා තිබෙනවා.

පසුව මේ ගැන ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනි ශ්‍රියාලතා රත්නායක මහත්මියට තමන් විසින් දැනුම් දුන් බවද ඇය පවසා තිබෙනවා. මේ අනුව ඊයේ (29) උදේ එම නිවෙසට පැමිණි ග්‍රාම නිලධාරිනිය එය පරීක්ෂා කර බලා මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් රුවන් ඒකනායක මහතාට දැන්වීමට පියවර ගෙන තිබිණි.

මේ සිද්ධිය දැනගත් විගස එම නිවසට ගිය ප්‍රාදේශීය ලේකම්වරයා උඩට ඉස්සී ඇති ටයිල් තට්ටුව පරීක්ෂා කර ඒ මොහොතේදීම පතල් හා භූ විද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුවට සිද්ධිය දැනුම් දෙමින් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා සිටියේය. මෙහි සුවිශේෂත්වය වන්නේ ප්‍රදේශයේ සෙසු නිවාසවලින් මෙවැනි සිද්ධියක් වාර්තා නොවීමය.

මේ සිද්ධිය දැක බලා ගැනීමට බොහෝදෙනකු පැමිණීම නිසා නිවෙසේ ටයිල් තට්ටුව මතට කිසිවකුට පය නොතබන ලෙසත් භූ විද්‍යා නිලධාරීන් පරීක්ෂණ අවසන් කරන තෙක් ආරක්ෂා කරන ලෙසත් ප්‍රාදේශීය ලේකම් දන්වා ඇත බවටද වාර්තා වේ.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  14,564 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  4,330 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  23,170 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  9,961 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  10,014 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  6,968 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  4,143 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,743 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,695 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,705 Downloads



Top 10 Commenters

Latest Comments

Top