6 වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුවියක් පරිගණක කාමරයට රැගෙන ගොස් ලිංගික අතවර කිරීමේ සිද්ධියක් ගම්පොළ පැත්තෙන් අහන්න ලැබුණා.
ඇයව කාමරය ගෙනගොස් ඇගේ පියයුරු අතගා මෙලෙස අතවර කර ඇත්තේ අවුරුදු 52 ක් වූ ඉංග්‍රීසි ගුරුවරයෙක්.
මේ ගුරුවරයා හයවැනි ශ්‍රේණියේ පංතිභාර ගුරුවරයා ලෙසද කටයුතු කරන අතර ඔහු දෙදරු පියෙක්. මේ දැරිය නිවසට පැමිණ සිද්ධිය ගැන දෙමව්පියන්ට පවසා තිබෙනවා.
ඒ අනුව ඇයගේ පියා ගම්පොළ පොලිසියට කළ පැමිණිල්ලකට අනුව ඔහුව අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.