මාතර වල්පල පැත්තේ 79 හැවිරිදි කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කළ ගුවන් හමුදා සෙබලෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 25 වැනිදා අදාල කාන්තාව නිවසේ තනිවම සිටින අවස්ථාවේ සැකකරු යතුරු පැදියකින් පැමිණ තිබෙනවා.
පසුව කාන්තාව නිවස තුලට රැගෙන යමින් අතවර කිරීමට තැත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
තියුණු ආයුධයක් පෙන්වා බිය ගන්වා සැකකරු පලාගොස් තිබෙනවා.
24 හැවිරිදි වියේ පසුවන සැකකරු රත්මලාන ගුවන් හමුදා කඳවුරට අනුයුක්ත සෙබලෙක් බවයි පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ.