‘‘මේ පටන් ගත්තා විතරයි, ලෝකේ වටේ බෝම්බ තියෙනවලු‘‘ලංකාවේ ගුවන්තොටුපලත් සූදානමින්
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර සිදුවූ බෝම්බ පිපිරීම් තවත් ප්‍රහාර මාලාවක ආරම්භය බවට එරට බුද්ධි අංශ අනාවරණ කරගෙන තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කලේ පිපිරීම සඳහා සම්බන්ධ වූ එක් පුද්ගලයෙකුට ජාත්‍යන්තර පොලීසිය රතු නිවේදනයක්ද නිකුත් කර ඇති බවයි.
බ්‍රසල්ස් නුවර ගුවන් තොටුපලක සහ උමං දුම්රිය මාර්ගයක සිදුවූ බෝම්බ පිපිරීම්වලින් 31 දෙනෙකු මියගොස් 300 දෙනෙකු තුවාල ලැබුවා. ප්‍රහාර සඳහා පැමිණි හතරදෙනෙකු CCTV කැමරා දර්ශන මගින් හඳුනාගෙන ඇති අතර, ඔවුන්ගෙන් තිදෙනෙකු ප්‍රහාරයේදී මියගොස් තිබෙනවා.
ඉන් දෙදෙනෙකු සහෝදරයන් ලෙසයි හඳුනාගෙන ඇත්තේ. ප්‍රහාරයට සම්බන්ධ තවත් පුද්ගලයෙකු පලාගොස් ඇති අතර ඔහු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. බෙල්ජියම් ප්‍රහාරයේ වගකීම අයි.එස්. සටන්කාමීන් පසුගියදා භාරගත්තා. මෙන්ම ඊයේ (23) මෙම ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බෙල්ජියම් බලධාරීන් මෙම තොරතුරු තහවුරු කර ඇති බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ. බ්‍රසල්ස් නුවරට එල්ලවු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ නවතම තොරතුරු කිහිපයක් ද මේ වන විට අනාවරණ වී තිබෙනවා.
ඒ මෙම ප්‍රහාරයට සම්බන්ධ වූ සොහොයුරන් දෙදෙනාගේ නම් ද බෙල්ජියම් බලධාරීන් විසින් ප්‍රසිද්ධියට පත්කර ඇති බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ. ඉන් එක් අයෙකු ගුවන්තොටුපලේ සිදුවු මරාගෙන මැරෙන ප්‍රහාරය සිදුකර ඇති අතර අනෙක් පුද්ගලයා දුම්රිය ස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ලකර ඇතැයි අනාවරණ කරගෙන තිබෙනවා.
මෙම ත්‍රස්ත ප්‍රහාරය හමුවේ මේ වන විට බෙල්ජියමේ දින 3 ක ශෝක කාලයක් ද ක්‍රියාත්මකයි.