විවාහක කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ලබාගැනීමට උත්සහ කළ දිවි නැගුම සංවර්ධන නිලධාරිවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන ඔහු සමෘද්ධී සහනාධාර ලබාදීමට සහ වකගඩු රෝගියෙකුට රජයෙන් ලබාදෙන වෛද්‍ය ආධාර මුදල ලබාදීම සඳහායි ඇයගෙන් ලිංගික අල්ලස් ඉල්ලා ඇත්තේ.
තිස්සමහාරාම හෝටලයකට පැමිණෙන ලෙස අදාල සංවර්ධන නිලධාරියා විසින් විවාහක කාන්තාවට දැනුම්දී ඇති අතර එම අවස්ථාවේදීයි ඔහු කොටුකරගෙන තිබෙන්නේ.