කොළඹ වැල්ලම්පිටිය පැත්තේ මිතුරෙකුගේ නිවසක තිබුණු බහිරව පූජාවකට සරසවි සිසුන් හතරදෙනෙකු ගොස් තිබෙනවා.
ඔවුන් එම බහිරව පූජාව ඉවර වෙලා එන ගමන් අගුරුවාතොට ප්‍රදේශයේදී කළු ගගේ අතු ගංගාවක නාන්න නතරවෙලා.
හතරදෙනාම දිය නාමින් ඉන්නකොට එකපාරම එක් තරුණයෙක් අතුරුදන් වෙලා.
දමිත් පෙරේරා නමැති අවුරුදු 24 ක් වුණු මේ සිසුවා අම්බලන්ගොඩ පැත්තේ පදිංචි කෙනෙක්.