මහ මඟ යන විට නිවෙසක ඇති දැඩි කළ බලු තඩියෙකු ඇඟට කඩා පැන සපා කෑමට තැත් කිරිමේ සිද්ධියක් මත දෙපාර්ශවයක් අතර හට ගැණුනු ගැටුමක් දුර දිග ගොස් සිදුවු මිනීමැරුමක විත්තිකරුවන් දෙදෙනකු පැමිණිල්ලේ සාක්කි අනුව වරදකරුවන් වශයෙන් සනාථ විම නිසා හලාවත මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර අමල් රණරාජ මහතා විසින් ඊයේ ( 17) පස්වරු ඔවුන්ට මරණ දඬුවම් නියම කළ අතර චෝදනා ඔප්පු නොවිම නිසා ඉතිරි විත්තිකරු නිදොස් කොට නිදහස් කළේය.
මෙම මිනිමැරුම් නඩුව විභාග කර දඬුවම් පැනවූයේ වසර 18කට පසුව වීම වැදගත් සිද්ධියක් වේ.
මෙම නඩුවේ මරණ දඬුවම නියම වුයේ ආරචිචිකටිටුව ප්‍රදේශයේ පදිංචි උඩුගමිපොලගේ ක්‍රිස්ටෝපර් පෙරේරා නොහොත් චූටි හා වෙළඳකුල හෙටිටිආරචිචිගේ අතුල මහින්ද නම් අයටයි.
ක්‍රිස්ටෝපර්ගේ නිවසෙහි බලු තඩියෙකු ඇති දැඩි කර ඇති බවත් මෙම සිද්ධිය වූ දින එම බලු තඩියා මියගිය අයගේ පුතෙකු මහමඟ යන අවස්ථාවේ දි ඔහුගේ ඇඟට කඩා පැන සපා කෑමට තැත් කර ඇත.
මෙම සිද්ධියෙන් පසුව ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් එක් අයෙකු ඝාතනය කළ බවට අධිකරණයේදී ඔප්පුවීම නිසා අපරාධය සිදුකළ දෙදෙනෙකුට මරණ දඬුවම නියම කිරීමට අධිකරණය විසින් තීරණය කර තිබේ.