පහුගිය දවසක ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ පක්ෂයේ පිරිසක් උද්ඝෝෂණයක් සංවිධානය කරලා තිබුණා. පොලු අතින් අරන් ආව මෙයාලාගේ ගමන පොලිසියේ නිලධාරීන් පිරිසක් අතර මඟදි නතර කළා.
උද්ඝෝෂණේ ආව අයට මේ නිසා හොඳටම තරහා ගිහින් තිබුණේ. පොලිසිය එක්ක ගුටි කෙළියක් යන්න ඔන්න මෙන්න තිබ්බ වෙලාවක ඒකට නීතියෙන් ප්‍රශ්නයක් වෙයි කියලා එතන හිටපු BJP පක්ෂයේ Ganesh Joshi කියන මනුස්සයා පොල්ලක් අරගෙන පොලිස් නිලධාරියා ළඟින් හිටපු අශ්වයෙකුට හොඳටම ගැහුවා.
ඒ ගහපු පාර කොච්චර දරුණුද කියනවා නම් අන්තිමට ඒ අශ්වයාගේ කකුල කැඩුනා. ඒ අශ්වයාගේ නම ශක්තිමාන්. වයස අවුරුදු 15ක් විතර වුණු මේ අශ්වයාට පහර දුන්නු එක ගැන මේ වෙනකොට ඉන්දියාවේ බොහෝ පිරිසක් ඇතර කතාබහක් ඇතිවෙලා තියෙනවා.