පපුවට අලවංගුවකින් ඇනපු හිල් 3ක් හොයාගෙන,
ඔළුවටත් දරුණු පහරදීම් කරලා
කප්පම් සිද්ධියක් පසුබිම්කොට දංකොටුව ඉරබඩගම කොස්‌හින්න ග්‍රාමයේ පාළු මාර්ගයකදී 10 දා මැදියම් රැයේ වෑන් රථයක් තුළ දමා ගිනිතබා පස්‌දෙනකු සමූල ඝාතනය කිරීමේ සිද්ධියේ පශ්චාත් මරණ පරීක්‍ෂණය මීගමුව දිස්‌ත්‍රික් මහරෝහලේදී පසුගිය 14 දා පවත්වා තිබෙනවා.
මෙහිදී දැවී පිළිස්‌සී ගිය සෙසු හතර දෙනා නිශ්චිතව හඳුනාගෙන නොමැති අතර එයින් දෙදෙනකු කටානේ සූප්පුවා සහ පෑලියගොඩ නෙයිනා යෑයි තොරතුරු පොලිසියට ලැබී තිබෙනවා.
මෙම ඝාතනය සැලසුම්කර එය මෙහෙය වූ පන්නල පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු වූ මනෝඡ් අමිල හෙවත් බොයිලේරු මංජු නැමැත්තාගේ පන්නල ප්‍රදේශයේ නිවසේදී 10 දා පැවති මත් පැන් සාදය අවසානයේදී මෙම ඝාතනය සැලසුම් සහගතව සිදුකර තිබෙනවා. මනෝඡ් අමිල හෙවත් බොයිලේරු මංජු නැමැත්තා පන්නල ප්‍රදේශයේ ප්‍රධාන කර්මාන්ත ශාලා කිහිපයක නිමි ඇඳුම් සේදීමේ කොන්ත්‍රාත් භාරව සිටි අයෙකි.
මෙම ඝාතනය සඳහා බොයිලර් මංජු නැමැත්තා තමා යටතේ සේවය කරන සේවකයන් සිවු දෙනකුගේද සහාය ලබා ගෙන ඇති අතර එම සියලු දෙනා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නේවි කපිල නමැත්තාගේ හිසට පහරදී බරපතළ තුවාල සිදුකර ඇති අතර ඔහුගේ පපුවට නාරාසනයක් වැනි උල් ආයුධයකින් ඇනීම නිසා හිල් තුනක්‌ද ඇතිවී තිබෙනවා.
සම්පූර්ණයෙන් පිළිස්‌සී ගිය නේවි කපිල කරේ පැළඳ සිටි පෙන්ඩන් එකකින් සහ ඔහුගේ වම් කකුල කැඩී සිදුකළ සැත්කමේදී වම්පාදයට දමා තිබූ සුදු යකඩ ප්ලේට් එකකින් නේවි කපිල නමැත්තාගේ බිරිඳ විසින් ඔහු අඳුනාගන්නා ලදී, පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී වෛද්‍ය නිගමනය වී ඇත්තේ නේවි කපිල නමැත්තාගේ හිසට සිදුකළ දරුණු පහරදීම හේතුවෙන් ඇතිවූ මාරාන්තික තුවාල මරණයට හේතුව බවයි.
ඊට අමතරව නේවි කපිල නමැත්තා මියයාමෙන් පසු ඔහුගේ පපු ප්‍රදේශයට තියුණු අවියකින් ඇන බරපතළ තුවාල තුනක් සිදුකර ඇති බවද පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණය විය.