පූජා වට්ටියක තිබූ රුපියල් 1124 ක මුදලක් සොරා ගැනීමේ චෝදනාවට සැකපිට තරුණ යුවළක් නල්ලතන්නිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශ්‍රී පාද වන්දනාවේ ආපු මේ යුවළ ශ්‍රී පාද මාර්ගයේ පිහිටි තොරණ විහාරස්ථානයේ බුදු මැදුරේ තබා ඇති පූජා වට්ටියකිනුයි මෙසේ මුදල් සොරකම් කර තිබෙන්නේ.
මුදල් ලබාගැනීමෙන් පසුව පූජා වට්ටිය විහාරස්ථානයේ පසෙකට විසිකර දමා යන අයුරු එම විහාරස්ථානයේ CCTV කැමරාවක සටහන්වී තිබෙනවා.
එය පරීක්ෂාකිරීමෙන් අනතුරුව විහාරාධිපති හිමියන් පොලිසියට කළ පැමිණිල්ලකට අනුවයි මෙම තරුණ යුවළ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
එම අවස්ථාවේ කළ පරීක්ෂාවකදී ඔවුන් සන්තකයේ තිබී රුපියල් 1174 ක මුදල සොයාගෙන ඇති අතර තමන්ගේ මුදල් පසුම්බිය ගැටකපන්නෙකු විසින් පැහැරගෙන තිබූ නිසා ගමන් වියදම සඳහා මෙසේ පූජාවට්ටියෙන් මුදල් සොරාගත් බව ඔවුන් පිළිගෙන තිබෙනවා.