අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැදවූ බව කියන ජිප් රථයේ ගැටුණු සන්දීප් සම්පත් තරුණයා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ තවමත් ප්‍රතිකාර ලබනවා.
සිහිය නොමැතිව සිටි ඔහුට පියවි සිහිය ලැබුණු බව වෙබ් අඩවි හා සමාජය තුල කතාබහක් පැතිර යමින් පවතිනවා.
නමුත් තවමත් ඔහුට සිහිය නොලැබුණු බව රෝහල් ආරංචි මාර්ග අප සමග පැවසුවා.