විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා පැවැත්වෙන පෙර පුහුණු තරගයක් ඊයේ ශ්‍රීලංකාව හා නවසීලන්තය අතර පැවැත්වුණා.
මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවති මේ තරගයෙන් ලකුණු 74 ක ජයක් ලබන්නට නවසීලන්තය සමත්වුණා.
කාසියේ වාසිය දිනාගනිමින් පළමුව පන්දුවට පහරදීමට පැමිණි නවසීලන්තය කඩුලු 4 ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 226 ක්.
එහිදී කොලින් මුන්රෝ පන්දු 34 කදී ලකුණු 67 ක් රැස් කළේ හයේ පහර 7 ක් සමගින්. කුරේ ඇන්ඩර්සන් ලකුණු 60 යි.
පන්දු යැවීමේදී දසුන් ශානක කඩුලු 2 ක් හා සුරංග ලක්මාල් අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු වාර 20 අවසානයේදී කඩුළු 7 ක් දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 152ක් පමණයි.
ලහිරු තිරිමාන්න ලකුණු 41 ක් රැස් කළ අතර චාමර කපුගෙදර ලකුණු 38 ක් ක් ලබාගත්තා.