ඇඹිලිපිටිය සාදයක් අතරතුරදී මරණයට පත්වූ සුමිත් ප්‍රසන්න මහතාගේ සිරුර අද (10)ගොඩගන්නා ලෙස ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝගයක් ලබාදී තිබුණා.
කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ඇතුළු විශේෂ වෛද්‍ය නිලධාරීන් පිරිසක් ඉදිරියේ සුමිත් ප්‍රසන්නගේ සිරුර මෙසේ ගොඩගන්නා ලෙසට මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කළේ රජයේ නීතිඥවරයා විසින් ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගෙනයි.
නමුත් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන අධිකරණ වෛද්‍යවරයාට අද දිනයේ පැමිණීමට නොහැකි බව දැනුම් දීම හේතුවෙන් සුමිත් ප්‍රසන්නගේ දේහය ගොඩගැනීම කල්දමා තිබෙනවා.