එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව මහ ලේකම්වරයා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර තෝරා පත්කරගෙන තිබෙනවා. ඒ ඊයේ පස්වරුවේ රැස්වූ එම සන්ධානයේ විධායක සභා රැස්වීමේදියි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහලේකම් විශ්වා වර්ණපාලගේ අභාවයෙන් අනතුරුව එම ධූරය සඳහා සුදුස්සෙකු තෝරා ගැනීමටයි ඊයේ මෙම විධායක සභා රැස්වීම පැවැත්වුණේ.
හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරන නව මහලේකම් මහින්ද අමරවීර වත්මන් රජයේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරනවා.