අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැදවූ බව කියන ජිප් රථයේ ගැටුණු තරුණයා සමග යතුරුපැදියේ පිටුපස ගමන් කළ තරුණයා හා ඔහුගේ මිතුරන් දෙදෙනා පොලිසියට ලබාදී ඇති සාක්ෂි පරස්පර බව පොලිසිය සඳහන් කරනවා.
සන්දීප් සම්පත් නමැති අනතුරට පත් තරුණයා සමග ගමන් කළ ඔහුගේ මිතුරාගෙන් මිරිහාන පොලිසිය පසුගියදා ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.
ඔහු එහිදී පවසා තිබෙන්නේ අනතුර සිදුවූ පසු තමා සිහිසුන් වූ බවත් නැවත යථා තත්ත්වයට පත්වුණේ රෝහලේදී බවයි.
එම අවස්ථාවේ තමාගේ මිතුරන් දෙදෙනෙකු හමුවී පැවසුවේ ජිප් රථය පදවාගෙන ගොස් ඇත්තේ පාඨලී චම්පික අමාත්‍යවරයාගේ රියදුරු විසින් බවයි. එහෙන් අනතුරට පත් සන්දීප්ගේ මිතුරන් දෙදෙනා පොලිසියට පවසා ඇත්තේ අනතුර සිදුකළ ජිප් රථය පදවා තිබුණේ පාඨලී චම්පික රණවක ඇමතිවරයා විසින් බවයි.
මේ හේතුවෙන් ඔවුන් එකිනෙකා ලබාඇති ප්‍රකාශ පරස්පරවිරෝධී බැවින් මිරිහාන පොලිසිය විසින් තවත් ප්‍රකාශ කිහිපයක් ලබාගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අනතුර සිදුවූ ස්ථානයේ තිබූ සී.සී.ටී.වී.කැමරාවල පටිගත වී ඇති දර්ශන පරීක්ෂා කිරීමටද පොලිසිය කටයුතු කරමින් සිටින බව සඳහන්.